මීගමුව මුස්ලිම් කාන්තා සංගමය විසින් සංවිධානය කරන ලද නොමිලේ වෛද්‍ය කඳවුරක් සෙනසුරාදා උදෑසන මීගමුව අල් හිලාල් මධ්‍යම විද්‍යාල ශාලාවේදී පැවැත්විණි.

සංවිධානයේ සභාපතිනි රිස්මියා හලාල්ඩීන්ගේ නායකත්වයෙන් පැවති මෙම නොමිලේ වෛද්‍ය කඳවුරට විශේෂඥ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රිස්නි චකාබ් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 18 දෙනෙකු සහභාගී වී ප්‍රතිකාර ලබා දුන්හ.

දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් පරීක්ෂාව, හෘද රෝග, වකුගඩු රෝග, කණ, නාසය සහ උගුර, ඇස, ළමා රෝග, සමේ රෝග, අධික බර ඇති පුද්ගලයින් සහ කාන්තා රෝග සඳහා මෙහි ප්‍රතිකාර ලබා දුන් අතර දරුවන්ට අවශ්‍ය එන්නත් ද ලබා දෙන ලදී.
වැඩිදුර ප්‍රතිකාර සඳහා
අවශ්‍ය රෝගීන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ මීගමුව සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සහාය ඇතිව පැවති මෙම උත්සවයේදී වෛද්‍ය උපදේශන සහ සෞඛ්‍ය දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් පැවැත්විණි.
විශේෂඥ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රිස්නි චකාබ්, වෛද්‍ය මේරි හිල්ඩා, වෛද්‍ය ජයසීලන්, හෙදියක් වන චාමලී පද්මපෙරුම සහ මීගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි නේ සකිහා හෂීම් යන මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ දේශන පැවැත්වූහ. නොමිලේ වෛද්‍ය කඳවුරේදී පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම 500 ක් පමණ ප්‍රතිකාර ලබා ගත්හ.
ඉස්මාදුල් රහුමාන්












