ජන බලවේග ආණ්ඩුවේ කටාන ආසනය භාර ,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චිට මේ ළඟදි දවසක හොඳ පාද සම්බාහනයක් , එහෙම නැත්නම් ෆුට් මසාජ් එකක් ලැබුණා. අපි මේකට ෆුට් මසාජ් එකක් කියලා කිව්වට මේක ඇත්තටම තෙරපී එකක් . එහෙමත් නැත්නම් චිකිත්සාවක් . මේකට කියන්නේ
“ෆිෂ් තෙරිපි” කියලා. කුඩා මත්ස්‍ය පැටව් ඉන්න ටැංකියකට පාද (කකුල් ) දාගෙන, ටික වේලාවක් ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙකු කියන්නේ නම් පාද වල යටි පතුල් වලට කුඩා මත්ස්‍ය පැටව් ඇවිත් කොටනකොට පොඩි කිචි ගතියක් වගේ දැනෙනවාලු. ඒ කියන්නේ එකෙන් සියුම් සම්බාහන ක්‍රියාවලියක් ( Micro Massage ) සිදුවෙනවා කියන එක.
කොහොම වුණත් මන්ත්‍රී චම්පික ට මේ අවස්ථාව ලැබුණේ හරිම අහම්බෙකින්.
පසුගිය 15 දා (15/09/2025) තිබුණා ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකම වාගේ රජය විසින් ප්‍රකාශයට පත් කරපු ” පළාත් පාලන සතිය” නිමිති කරගෙන එහි ආරම්භක උත්සව.සංවිධානය කර ඇති බව පෙනේ
ඉතින් සෑම පළාත් පාලන ආයතනයකම වගේ රජය විසින් ප්‍රකාශයට පත් කරපු මේ “පළාත් පාලන සතියේ” සමාරම්භය බොහොම ලොකුවට උත්සවශ්‍රීයෙන් පවත්වන්න කටයුතු සංවිධානය කරලා තිබුණා.
. ආන්න ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා හැටියට ආවේ චම්පික හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා. උත්සවය පැවැත්වුණේ කටාන වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රවණාගාර පරිශ්‍රයේ. එතන රාජ්‍ය නිලධාරීන් පවත්වාගෙන ගිය ජනතා සේවා සපයන “සේවා කුටි” ගණනාවක්ම තිබුණා. ඒ වගේම ඒ පරිශ්‍රයේ ස්වයං රැකියා ලාභීන්ගේ සහ කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයන්ගේ වෙළඳ කුටි කිහිපයකුත් තිබුණා. ඉතින් උත්සවය අවසානයේ ඒ සේවා කුටිවල ඉන්න රාජ්‍ය නිලධාරින් නිලධාරණියන් එක්ක මන්ත්‍රීවරයා ලෙකු කතාබහක නිරත වුණා. ඒත් එක්කම ඒ ස්වයං රැකියාලාභීන්ගේ සහ කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයන්ගේ වෙළඳ කුටි වලට ගිහිල්ලා ඒ අය මුහුණ දෙන ව්‍යාපාරික ගැටළු පිළිබඳවත් මන්ත්‍රීවරයා සෑහෙන වෙලාවක් ඒ අය සමග කතා කලා. අවසානයේ මන්ත්‍රීවරයා එතන හිටපු රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම කිව්වේ ඒ අයගේ ව්‍යාපාරික ගැටලු වලට කඩිනම් විසඳුම් සොයන්නට මැදිහත් වෙන්න කියලා. එහෙම කියපු මන්ත්‍රීවරයා ඒ රාජ්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබාදීමටත් අමතක කෙරුවේ නැහැ එහෙම කතාබහ කරලා ආපසු එද්දි තමයි මන්ත්‍රීවරයා ඒ පරිශ්‍රයේ නතර කරලා තිබුණු අධි සුඛෝපභෝගී බස් රථයක් දැක්කේ. ඒ කියන්නේ අපි අර පාරේ දකින විදෙශ සංචාරකයන් ගෙනියන ලොකු බස් රථයක් ඒ පරිශ්‍රයේ නතර කරලා තිබුණා. ඒ බස් එක ඇතුලේ තමයි මේ “ෆිෂ් තෙරපි” වැඩේ කරගෙන ගියේ. බලපුවහම මේක ජංගම “ෆිෂ් තෙරපි” බස් රථයක්. ඉතින් එතන හිටපු කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාටත් ඒ බස් රථය ඇතුලට ඇවිත් “ෆිෂ් තෙරපී” එකක් කරගන්න කියලා ඉල්ලීමක් කලා. ඉතින් කොහොම හරි මන්ත්‍රීවරත් අවසානයේ ඒ ඉල්ලීමට කැමති වෙලා “ෆිෂ් තෙරපී” එකක් කරගත්තා.
මේ තෙරපි එක එහෙම නැතිනම් මේ චිකිත්සාව ඇත්තෙන්ම ශරීරයට සහ මනසට ලැබෙන ඉතාම හොඳ සම්බාහනයක් වගේම හොඳ ප්‍රතිකාරයක් කියලා අපිට එතනදි දැනගන්න ලැබුණා. මේ “ෆිෂ් තෙරපි” එකකින් අපි කලින් කිව්ව වගේම සියුම් සම්බාහනයක් එහෙම නැත්නම් හොඳ මයික්‍රෝ මසාජ් එකක් කකුල් වල යටි පතුල් වලට ලැබෙනවා. විශේෂයෙන්ම කකුල් වල යටි පතුල් වලට ඒ මසාජ් එක ලැබුණාහම ඒක ඊළඟට මුළු ශරීරයටම දැනෙන චිකිත්සාවක් බවට පත් වෙනවා කියලත් අපිට එහිදී දැනගන්න ලැබුණා. මේ බස් රථය ඇතුලේ සුඛෝපභෝගී ලෙස අසුන් ගැනීමට ආසන කිහිපයක්ම තිබුණු අතර ඒ ආසන වල පල්ලෙහා ” මලාවි ” (MALAWi) මසුන් සහිත ටැංකි කිහිපයක්ම තිබුණා
මේ වගේ ෆිෂ් තෙරපි එකකින් … කකුල් වල මැරුණු සම ඉවත් කිරීම ( Remove Dead Skin) , හදවතේ මනා ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම (Good For Heart), පාද වල ඉරිතැලීම් ආදිය සුව කිරීම (Heal Cracks in the Feet) මානසික ආතතිය සුව කිරීම ( Reduses Stress and Strain ), රුධීර සංසරණය වැඩි දියුණු කිරීම, ( Improves Blood Circulation).නිල උද්දීපනය මනාව සිදු කිරීම ( Acupressure). කකුල් වල වේදනාවන් අඩු වීම (Reduce Pain in Legs) එලෙසම අලුත් සම වර්ධනයට මහෝපකාරී වීම ( Helps New Skin to Grow ) සහ ඉරුවාරදය සුව කිරීම ( Heal Migraine ) ඇතුළු අංශභාග හා සියලු ස්නායු රෝග වලට මෙම චිකිත්සාව ඉතා යෝග්‍ය බවද මෙහිදී අපිට වැඩිදුරටත් දැනගන්නට ලැබුණා.
ඉතින් කොහොම වෙතත් මන්ත්‍රී චම්පික වගේ කෙනෙකුට තියෙන අවිවේකී තත්ත්වයත්, වැඩ රාජකාරි බහුල වීමත් නිසා මේ වගේ දේකට කාලය වෙන්කර ගැනීම සෑහෙන අමාරු වැඩක්. ඒක නිසා මේ වගේ නොහිතපු වෙලාවක මෙවැනි අවස්ථාවක් ලැබීම ගැන මේ තෙරිපි එක අරගෙන ඉවර වෙලා බස් රථයෙන් එළියට ආපු චම්පික මන්ත්‍රීවරයා අපිත් සමග මෙහෙම කිව්වා .
“”” මේක හොඳ වැඩක්. ඇඟට ලොකු වෙනසක් තියෙනවා. මේක පුළුවන් හැමෝම කරගන්න හොඳ දෙයක් කියලයි මම නම් හිතන්නේ””.
ඉතිං අපි ඔබටත් කියන්නේ මේ වගේ ෆිෂ් තෙරිපි ‘එකක් කරගන්න පුළුවන් අවස්ථාවක් උදාවුනොත් ආයේ කල්පනා කර කර ඉන්න එපා ,ඒක කොහොමහරි ගන්න බලන්න. ඒ වගේම දන්න තැනක මේ වගේ ෆිෂ් තෙරිපි කරන තැනක් තියෙනවා නම් අඩුම තරමින් මාස දෙකකට තුනකට වතාවක්වත් ගිහින් මේ වගේ ෆිෂ් තෙරිපි” කර ගන්න, උත්සාහ කරන්න.












