Food festival වලින් පස්සේ බිච් එකට වෙච්ච දේ?
පහුගිය දවස්වල මිගමු වෙරළේ ආහාර සැණකෙලියක් තිබුන.
දවස් තුනක් තිබුන මේ food festival එකෙන් පස්සේ බිච් එක එකම කුණු ගොඩක් .
මේකෙන් පස්සේ බිච් එකේ ඇවිදින අයටත් යන්න බෑ.ඒ අයගේ ප්‍රතිචාර ගොඩක් අපට ඇවිත් තිබුන.අනික විදේශිකයේ.මිගමුව සංචාරක සංගමය වගේ අය පහුගිය කාලේ ලොකු මහන්සියක් ගත්තා බිච් එක පිරිසිදුවට තියාගන්න.
හැබැයි මේ වගේ එක වැඩක් කලාම ඒ පිරිසිදු කර මුලුමනින්ම නැතිවෙලා යනව.
මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්ක්ෂණ නිලධාරි සමරසේකර මහතා මිපුර අමතා කියා සිටියේ අදාල food festval එකෙන් පසුව වෙරළ පිරිසිදු කිරිමට නිසි වැඩ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල බවත් ඒ අනුව අදාල පිරිසිදු කිරිම සිදුවු බවත්ය.
ඔහු අප වෙත එවා තිබුන ඡායාරූප
මේ 2026/03 /30 සඳුදා උදේ 8.15 pm ගත්ත ඡායාරූප.
ඒ වෙනකොට වෙරළ සීයට 99 ක්ම පවිත්‍ර කර අවසානයි
මිට අමතර ඔහු මිගමුව නගර සභාවට මෙන්ම නගරාධිපතිවරයාටත් ස්තුති කරමින් කියා සිටියේ මෙවැනි වෙරළ සැණකෙලි පවත්වන අයගෙන් දිනකට රු 100000ක් මුදලක් නගර සභාව රදවා තබා ගන්නා බවත් අදාල සංවිධායකන් එකි පිරිසිදු කිරිම් නොකරන්නේ නම් එලෙස රදවා තබාගත් මුදලින් අදාල පිරිසිදු කිරිම් සිදුකරන බවත් පවසා සිටියේය
සැබැවින්ම මෙය අගය කලයුතු ඉදිරිගාමි පියවරක් බවද ඔහු අවධාරණය කර සිටියේය.


















