Mr. කොත්තු එකට එරෙහි මිළඟ නඩු වාරය ජනවාරි 22 !

0
256

 ,බිත්තිය කඩා දමා කුස්සියේ අපජලය ඒ අවට නිවැසියන් පාවිච්චි කරන පාරට යැවිම සම්බන්ධයෙන් Mr.කොත්තු හෝටලය වෙත චෝදනා එල්ලවි තිබුනි.

මේ පිළිබඳව විඩියෝ සාක්ෂි සහිත පුවතක්ද අප වෙබ් අඩවියේ පළ කළෙමු.

මේ අතර කොත්තු ආයතනය පිහිටි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් Mr.කොත්තු හෝටලයට  එරෙහිව නඩු පවරා තිබුන අතර එම නඩුව අද (8) දිනයේ මිගමු මහාධිකරණයේ අංක 2 හි පැවැත්වුණ අතර මිළග නඩු වාරය 2026 ජනවාරි 22 දිනට යෙදි ඇත.

මේ අතර  mr.කොත්තු වෙත තවත් බරපතල චෝදනාවක් පසුගියදා එල්ලවිය.

එනම් වැසිකිලි පද්ධතිය අපද්‍රව්‍ය ඉවත් කිරිමේදි එහි බටයක්  පුපුරා යාම නිසා මුලු පාලාත පුරාම අපජලය ගලායාම නිසා ඇති වු තත්වයයයි.
කෙසේ වෙතත් මේ වන විට අවට නිවැසියන් කොත්තු හෝටලයේ ක්‍රියාකාරිත්වය ගැන බරපතල විවේචන ඉදිරිත් කරන තත්වයක් මතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here