PCR පරික්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් ඩුබායි සිට පැමිණි 290 ක් හෝටල්වල තාවකාලික නාවාතැන් ……

0
119

airport-123_0එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටිය දී , ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට අද(18) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස අද දින අලුයම 5.35 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ අතර  මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් , ගුවන් තොටුපළ තුතුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here