ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා ඊයේ (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
ඔක්තෝබර් 10 වෙනිදා ලංකාවට පැමිණි ඔහු ලබන 23 වනදා දක්වා ලංකාව තුල මානව හිමිකම් තත්වය පිළිබදව පුළුල් විමර්ශනයක යෙදිමට නියමිත අතර එහිදි විශේෂයෙන්ම රැදවියන් සහ බන්ධනගාර වල තත්වය ගැනද අවධානය යොමුකිරිමට නියමිතව තිබුණි.
තතු එසේව තිබියදි මීගමුව ඊයේ මීගමුව බන්ධනාගාරයේ නිළධාරින් පිරිසක් විසින් රැදවියෙකුට පහර දි අතක් කඩා මා ඇති අතර මෙම රැදවියා දැනට මීගමුව රෝහලේ 9 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි.
වදහිංසා පැමිණවිමට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා තිබුණද තවමත් ලංකාව සිටිනුයේ ලෝකයේ වදහිංසා පමුණුවන රටවල් අතරේ විමද මෙහිදි විශේෂත්වයකි.
( ඡායාරූප : කපිල ආරියවංශ – ජනාධිපති මාධ්‍ය අංශය )













