V8,හොරා පොලිස් සහ ලංසාලා ?

0
263

 

කටාන පොලිසිය V8 එකක් අත්අඩංගුවට ගත්තේ අපට මතක හැටියට 2024 දහවෙනි මාසේ 27 වෙනිදා වගේ දවසක.
ඉතින් මේ බට් වාහනය කාගෙද කව්ද මේක පැද්දේ කියල මිගමුවේ, කටානේ පොලිසියේ මහත්තුරු නොදැන ඉන්න විදියක් නැ.

මොකද පහුගිය කාලෙම මේක රවුම් ගැහැව්වේ මිගමුව අවට .ඒ විතරක් නෙමේ මේක මඟුල් ජොඩු වලට යනනත් ගෙවල්  දිල තිබුණ.

එහෙම තියෙද්දි කටාන පොලිසියත් මේක ගැන කටයුතු කරපු මිගමු පොලිස් කොට්ටාශේ අයත් ඉතාමත් මන්දගාමි විදියට තමයි මේ ගැන හෙව්වේ .

මේ හින්දම අප දන්න විදියට තෝරු මෝරු පැත්තක ඉන්න කොට හාල්මැස්සෝ අත්අඩංගුවට අරන් ජාමේ බේරගන්න හැදුවට  මේ සේරම බැක් ෆයර් වුනා.

මේක පැදල තිබුනේ හොර අංකයක් ගහගෙන .ඒ අංකෙට රෙජිස්ටර් වෙලා තිබුනේ නිල්පාට ටොයෝටා කාර් එකක් . අපට මතක හැටියට අයිතිකාරයා ඉඹුල්ගොඩ පැත්තේ . නමුත් මේ ටිකවත් පොලිසියට හොයාගන්න බැරිවුනාද මන්ද?

මේ V8 එක දයාන් ලංසා පැද්ද කියල අපි එදා ඉදන්ම කිව්ව. නවත්තල තිබුන තැන් ගැනත් ලිව්වා. මංකුලිය පැත්තේ මඟුල් ගෙදරකට නිමල් ලංසගෙ සහයට ඡන්දෙ ඉල්ලපු ස්වාධින අපෙක්ෂකයෙක්ගේ මල්ලි කෙනෙක්ගේ මඟුල් ගෙදරට දයාන් ලංසා දිල තිබුනෙත් මේ වාහෙන් තමයි .
අර හොර අංක තහඩුව තමයි එදත් එල්ලල තිබුනේ . එදා ඒක එලවල තිබුනේ නගර සභාවේ ඩ්‍රයිවර් කෙනෙක්.

මේ මඟුල් කථා එළිවුනාම තමයි මේ ගැන පොලිස් පරික්ෂණත් පණගහල ගත්තේ . නැත්නම් වංගු දදා මන්දාගමි විදියට තමයි කෙරුනේ .

මඟුල් ගෙදරට වාහනේ යොදාගෙන තිබුන විදිය හොයන්න යද්දි අඩුම තරමේ ඒ මඟුල් ගෙදර ඇල්බම් එකවත් හදල තිබුනේ නැ. ,පස්සේ ෆොටෝ ගහපු කෙනාගේ ගෙදරට ගිහින් තමයි ෆොටො බලල වාහනය හඳුනගෙන තිබුනේ.

කොහොම හරි දයාන් ලංසට පිළිගන්න වුනා එයා තමයි මේක දුන්නේ කියල . දයාන් ලංසටත් කටඋත්තරයක් දෙන්න වුනා මේ ගැන.හැබැයි ඉතින් පොලිසිය මේව රාජ්‍ය රහස් හැටියට රකින්න ඇති ඒකනේ මාධ්‍ය වලටත් හෙළි නොකළේ.

ඒ විතරක් නෙමෙයි මේ වාහනේ සනත් නිශාන්තත් පැදල තිබුන කියල පස්සේ පොලිසිය හොයාගත්තලු.එයා දැන් ජිවතුන් අතර නැති හින්ද එයාගෙ බිරිඳ පොලිසියට ඇවිත් කටඋත්තයක් දුන්න කතාවකුත් පස්සේ දැනගන්න ලැබුන

කොහොම උනත් නත්තල් කියල බාගෙට ඇදගෙන නටන චැනල් ඇවෙන්රා ලොක්කාගේ බට් වාහන නාඩගම ගැනවත් ඒව පැදපු ලංසල ගැනවත් මීක් කිව්වේ නැ.

වෙන තැන්වලත් බට් වාහන කේස් ඇදුනා. හැබැයි ඒ පළාත්වල පොලිසිය සුටුස් ගාල ඇල්ලුවා, මාධ්‍ය වලටත් කිව්ව. නමුත් මිගමුවෙදි උනේ වෙනම වැඩක් .

දැන් රජයෙ රස පරික්ෂකත් කිව්ව මේක නිති විරෝධි කොටස් ගෙන්නල එකලස් කරපු එකක් කියල . පොලිසියේ ලොකු පොඩි මහත්තුරු නොදන්නවද මේක කාගෙද කියල . නමුත් කොහොමද එක පාරටම යු ටර්න් ගහන්නේ . මොකද එකට කාපු බිපු අයනේ.

රන්ජා කියනව වගේ උන් ඔක්කොම යාලුවෝ මල්ලි.

අර අපි පොඩි කාලේ හොර පොලිස් කරද්දි යාලුවට කියනවනේ උඹ අතන හැංගියන් අපි හොයන්නේ නැ එතකොට උඹ දිනුම් කියල.
මේ අපි කියන්නේ හොර පොලිස් සෙල්ලම ගැන . එහෙමනේ . එහෙම වෙනවනේ .

කො⁣හොම හරි දැන් අලුත් අවුරුද්දත් ලැබුවා . හොරා පොලිස් සෙල්ලම නම් දිගටම ජයටම කෙරෙනවා.

ජනාධිපති තුමා හරියට ටක්කෙටම කිව්ව “ක්ලින් ශ්‍රි ලංකා” කියන්නේ කුණු අයින් කරල පිරිසිදු කරන එකම නෙමේ කියල.හරියට හරි .
කුණු තමයි හැබැයි එහෙම කියල ක්ලින් නොකර බෑ. මොකද එහෙම වුනාම ගද ගහන්නේ නගරේ ….

දැන් තියෙන්නේ පුනරුද පාලනයක්.අලුත් පොලිස් ඇමති කෙනෙක්.හැබැයි මේවා ගැන විමර්ශණ කඩිනම් කලා කියල නම් දැනගන්න නැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here