කෝටි ගණනක මුදල් අපතේ යැවු කොච්චිකඩේ කසල අංගනයට එරෙහිව පුනරුද මන්ත්‍රි මොහාන් තවමත් නිහඬ ඇයි ?

0
175

 

මීගමුව වැනි අධිජනාකිර්ණ නගරවල දිනෙන් දින බරපතල අර්බුදයක් ලෙසින් මතුව එන ඉඩම් හා නිවාස ප්‍රශ්ණ විසදිම සදහා ඉතාමත් විධිමත් විද්‍යාත්මක ප්‍රවේශයක් අවැසිව ඇත්තේ මිගමුවට ඇති ඉඩම් වල ඇති සිමා සහිතකම නිසාමය.
මේ නිසාම දිස්ත්‍රික්කයකට මෙන්ම සැම ප්‍රාදේශිය ලේකම් කෝට්ටාශයකටම ඒ කරුණ භාරව නිලධාරියෙකු සිටි.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් පිළිබදව ප්‍රමුඛ අවධානයක් යොමුකිරිම මේ නිළධාරින්ගේ ප්‍රධානතම අරමුණයි.,

 

මිපුර මහනගර සභාවට අයත් එක්තරා ථෙතිහාසික ඉඩම් ප්‍රදේශයක් අරභයා දයාන් ලංසාලාගේ පාලනය සමයේදි කෙලහලාගෙන කටයුතු කර තිබුන අයුරු අපට මතකය.

මිගමුවේ පැරණි නගර සභා ගොඩනැගිල්ල තිබුන පසුව එය ප්‍රකට සිනමා ශාලාවක්ද බවට පත්වු “මිපුර “ඉඩමයි.

නගරාධිපති දයාන් ලංසා සිය ධුර කාලය තුල බලහත්කාරයෙන් මේ භුමිය තුල කසල අංගනයක් ස්ථාපිත කිරිමට යාමේදි එයට දැඩිව විරෝධයක් ගම්වාසින් දැක්වුහ.

ඒ අනුව එම ඉඩමෙන් එම ව්‍යාපෘතිය ඉවත්කර දැමු අතර එවකට විපක්ෂයේ ඇතැම් ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන්ගේද සහය ලැබි තිබුණි.

පසුව මෙම කසල අංගනය කොච්චිකඩේ පොරකේවත්ත ප්‍රදේශයෙ ඉදිකරන්න පටන්ගෙන තිබුණ අතර එහි කටයුතු නිම නොකරම මේ වන විට ඔහේ අතරමග අතහැර දමා තිබේ.

ඇත්ත වශයෙන් හිටපු නගරාධිපති දයාන් ලංසාවට අවැසිව තිබුනේ කසල කළමණාකරණ අංගනයක් ඉදිකිරිම සදහා විදේශ රටකින් රු ලක්ෂ 75 ක මුදල් ලබාදිමට තිබුන සුදානම නිසා ඒ අයවත් රවටා කසල අංගනයක් බාගෙට හෝ අටවා මුදල් යටි මඩි ගසා ගැනිමට යැයි කියා ප්‍රසිද්ධ චෝදනාවක්ද එල්ලව තිබුණි.
මේ වෙනුවෙන් මහනගර සභාව විසින්ද රු ලක්ෂ 75 කට වැඩි මුදලක් වැය කර තිබුන බවද සැලය.

ඒ අනුව රු මිලියන 15 ක පමණ මුදලක් මේ අකාරයට අපතේ ගොස් තිබේ.

පොරෙකේ වත්තේ බාගෙට ඉදිකර ඇති මේ ගොඩනැගිල්ල මේ වන විට විනාශයට පත්වෙමින් තිබේ.

මේ විනාශයට එ⁣රෙහිව මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි දැනගන්නට නම් නැත.

ඒ තබා අවම තරමින් මේ විනාශ වෙමින් යන ගොඩනැගිල්ල ගැන විමර්ශන චාරිකාවක් ගොස් සිය ෆේස් බුක් පිටුවට පින්තුර එක් කර නොතිබිමද පුදුමය දනවන කරුණකි.

එපමණක් නොව අරුමය වන්නේ කොච්චිකඩේ ප්‍රදේශ⁣යේ සිටින මාලිමා මන්ත්‍රිවරුන්වත් මේ ගැන සොයා බලා මාසික මහසභා අවස්ථාවකදිවත් වචනයක් වත් කථා කර නොතිිබිමද පුදුමය දනවන කරුණකි..

කප්පරක් වංචා දුෂණ මහජන දේපල විනාශ කිරිම් තිබියදි ඒවා ගැන කිසිදු වගක් නැතුව මසකට වරක් ඔහේ සභාවට පැමිණ පුටු රත්කර යන තත්වයකට මිගමුව මහනගර සභා දේශපාලනය පත්ව තිබේ

මාසික මහ සභා රැස්විමට යෝජනාවක් ගෙන ඒමට තරම් වත් දේශපාලන සමාජ පරිචයක් නැති අයගෙන් මිගමුව ගොඩනැගිමක් ගැන අප සිතන්නේ නම් එයම මුලාවකි.

මේ නිසාම මිගමුව තුල ශක්තිමත් පුරවැසි ක්‍රියාකාරිත්වයක් නිර්මාණයකළ යුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here