දික්ඕවිට සහ මීගමුව ධීවර වරාය පරිශ්‍රයන්හි පවතින ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් වරායේ සේවකයින්, පරිපාලනය සහ ධීවර ප්‍රජාව එකම මේසයකට ගෙන එමින් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
ධීවර වරායන්හි මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් සිදුකළ මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව හරහා පොදු එකඟතාවයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට මෙහිදී සැලසුම් කර ඇත.

මෙම අවස්ථාව සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, දික්ඕවිට/මීගමුව ධීවර වරාය නිලධාරීන්, වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ප්‍රසාදි හැඳගලගේ මෙනෙවිය මෙන්ම ධීවර ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

















