මීගමුවේ දූෂණ හා වංචා හමුවේ මාලිමා පාලනය තවමත් නිහඬ ඇයි?

0
189

​ජාතික මට්ටමින් මහජන දේපළ හා මුදල් වංචා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන පසුබිමක, මීගමුව ප්‍රදේශයේ සිදුවූ බවට චෝදනා ලැබಿರುವ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා  සහ දූෂණ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (මාලිමාව) මෙතෙක් නිහඬව සිටීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් බරපතළ ප්‍රශ්න කිරීම් මතුව තිබේ.

​විශේෂයෙන්ම මීගමුව මහ නගර සභාව නියෝජනය කරන මාලිමා මන්ත්‍රීවරුන් සතුව මෙම දූෂිතයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හෝ සාක්ෂි සහිතව පැමිණිලි කිරීමට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ පරිචය මදිවීම ප්‍රදේශයේ අභාග්‍යයක් බවට මිගමුවේ ප්‍රගතිශිලි ජනයා කියා සිටිති..

​මීගමුවෙන් මතුකරන ප්‍රධාන දූෂණ චෝදනා කිහිපයක්:

  • ​කාමච්චෝඩේ පොළ සංකීර්ණය: රුපියල් ලක්ෂ 1600ක මහජන මුදල් කාබාසිනියා කර දැමීම.
  • ​කොච්චිකඩේ කසල කළමනාකරණ ගොඩනැගිල්ල: මේ වන විට මුළුමනින්ම විනාශ වෙමින් පවතින තත්ත්වයක පවතිනවා.
  • ​හිටපු නගරාධිපතිවරයාගේ උපකරණ: ලක්ෂ 25ක මහජන මුදල් වැය කර ලබාගත් කැමරාව සහ පරිගණකවලට සිදුවූයේ කුමක්ද?
  • ​මීගමුව බීච් පාක් (Beach Park) ප්‍රදේශය: එය තවදුරටත් කිසියම් පවුලක ආදායම් මාර්ගයක් පමණක් වී තිබේද?
  • ​කාමච්චෝඩේ ක්‍රීඩා පිටිය සහ මාතෘ සායනය: මෙම පොදු දේපළවල වත්මන් තත්ත්වය සහ ඒවා පාලනය වන ආකාරය පිළිබඳ ගැටලු මතුව ඇත.
  • ​තැබෑරුම්වත්ත ප්‍රදේශය: රුපියල් කෝටි ගණනක් වැය කළද, එය මේ වන විට විනාශ මුඛයට ඇද දමා තිබේ.
  • ​දේශපාලකයන්ගේ සුපිරි නිවාස: කිසිදු ස්ථිර රැකියාවක් නොකළ මීගමුවේ ප්‍රධාන පෙළේ දේශපාලකයන් රුපියල් කෝටි ගණන් වැය කරමින් සුපිරි නිවාස ඉදි කළේ කෙසේද යන්න ගැටලුවකි.
  • ​බට් වාහන ජාවාරම: මීගමුව තුළ සිදුවූ බව කියන මූල්‍ය හා වාහන ජාවාරම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වේ.

​මෙම ලැයිස්තුව මීගමුවේ සිදුවූ බව කියන මූල්‍ය අපරාධ සහ වංචාවලින් ඉතා ස්වල්පයක් පමණක් බව ප්‍රදේශවාසීන් අවධාරණය කරයි. ජාතික වශයෙන් දූෂණයට එරෙහිව හඬ නගන වත්මන් පාලන තන්ත්‍රය සහ මාලිමාවේ ප්‍රාදේශීය නියෝජිතයන් මීගමුවේ මේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි සහ ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ජනතාව දැඩි අපේක්ෂාවෙන් පසුවෙති.

​

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here