සහන ලැබෙන තුරු බහුදින ධීවර යාත්‍රා දිගටම වර්ජනයේ

0
176

ඉන්ධන මිළ ඉහල දැමිමෙන්පසු මුහුදු නොගොස් විරෝධය පළ කළ බහුදින යාත්‍රාහිමියන් වෙත රජය මගින් දුන් ලිටරයකට රු 12 ක් වු සහනාධාරය තමන් කිසිසේත් පිළිගැනිමට සුදානම් නැතැයි පවසන ගම්පහ දිස්ත්‍රික් බහුදින යාත්‍රාහිමියන්ගේ ඒකාබද්ධ සංවිධානය පවසා සිටින්නේ තමන් මුහුණ දෙන ගැටළු සියල්ල ඇතුලත් සංදේශයක් ඉතා ඉක්මනින් ජනාධිපතිතුමන් වෙත භාරදිමට කටයුතු කරගෙන යන බවයි. එතෙක් තමන් මුහුදු යාමෙන් වැලකි සිටින්නේ ඉහල ගිය අධික ඉන්ධන මිළ හමුවේ එය දරාගත නොහැකි නිසා බව පවසති.මේ තින්දුවට මීගමුවේ සිට පුත්තලම දක්වා බහුදින යාත්‍රාකරුවන් එකඟතාව පළ කර ඇතැයිද එක් ධිවර නියෝජිතයෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here