පෙබරවාරි 22nd, 2012

මීගමු විපක්ෂ නායක ඇතුළු පිරිස ලබන 29 වැනිදා උසාවියට.

Posted on 22 පෙබ 2012 at 7:15ප.ව.

විදේශ මුදල් සොරකමක් පිළිබදව චෝදනාවක් හේතුවෙන් දැනට බන්ධනාගාරගත කොට ඇති මිගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිස පෙබරවාරි 29 වැනිදා යළි උසාවියට ඉදිරිපත් කිරිමට  නියමිතය.

අදත් මීගමුවේ බෝට්ටු 95% කටත් වඩා ගොඩ,,…..

Posted on 22 පෙබ 2012 at 7:04ප.ව.

ධීවර පවුල් මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුවකිනි.ඒ දින 10 කටත් වඩා කාලයක් කිසිදු අදායම් ඔවුනට නොතිබුන නිසාවෙනි.ධීවර සංවිධාන නියෝජිතයන්ගේ එකගතාවය රජයේ යෝජනාවලියට ලැබි ඇත. සටන අවසන් ව ඇත්තේ එලෙසිනි. සහනාධාරය ලබාදෙනු වස් යම් සැලසුම් සැකසෙමින් පවතින බව දැනගන්නට තිබේ. එහෙත් ධීවරයන් තවමත් සිටින්නේ දෙගඩියාවෙනි.මේ නිසා අදත් මීගමුවේ පොඩි බෝට්ටු 95% කටත් වඩා මුහුදට ගොස් නැති බව අපට දන්වා සිටියේ පසුගිය දිනවල ධීවර අරගලයේ සිටි නම හෙළි කරන්නට අකමැති ක්‍රියාකාරිකයෙකි.

රු 81.10 ගානේ ඉන්ධන සහනයකට හලාවත ධීවරයින් එකගවෙයි – ඒත් දවස් 06 කට පමණයි

Posted on 22 පෙබ 2012 at 2:39ප.ව.

භුමිතෙල් මිළ පහළ දැමීම පිළිබද ඉල්ලීම් සහිතව සාකච්ඡාවක්  හලාවත ප්‍රෙද්ශයේ  ධීවර සංගම් සහ හලාවත රදගුරුතුමා අතර අද පෙරවරැවේ  හලාවතදී සිදුවිය. එම සාකච්ඡාවට වයඹ පලාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුලු හලාවත ප්‍රාෙල්කම්වරයාද සහභාගී වූහ. එහිදී ධිවර සංගම් නායකයින් විසින්  භූමිතෙල් මිළ නැවත සශෝධනය කිරීම හා විධිමත්,ප්‍රාෙයා්ගිත ස්ථීර  සහන වැඩපිලිවෙලක් අවශ්‍ය බව අවධාරණය  ඇත. මෙම යෝජනාව පිළිබද ඇතිවූ සාකච්ඡාවේදී  රජය නියෝජනය කළ පාර්ශවයන් වෙතින් යෝජනා වී ඇත්තේ ස්ථීර විසදුමක් ලබා දෙන තුරැ මෙම යෝජනාවට එකත වන ලෙසයි. එනම් භූමිතෙල් රු 81.10ක මිළකට එක ධීවරයෙකුට ලීටර් 30 ක්  දින 06ක් යනතුරරු ලබාදීමයි. මෙම භූමිතෙල් සහනය පෙට්‍රෝලියම් පිරවුම් හල් වලින් ලබාගතහැකි වන අතර දින 06කින් පසු ස්ථීර විසදුමක්
ලබාදීමට කටයුතු සලසන බවට සනත් නිශාන්ත අමාත්‍යවරයා සහ හලාවත රදගුරුතුමා
පවසා ඇත. දින 06කින් පසු ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුණොත් නැවත දින 06කට මෙම සහනාධාරය දික් කරන බවට ද සනත් නිශාන්ත අමාත්‍යවරයා පවසා  ඇත.
තොඩුවාව ප්‍රදේශය නියෝජනය කළ ධීවර නායකයෙකු අප හා පැවසූවේ සනත් නිශාන්ත
අමාත්‍යවරයා සහ රජයේ නියෝජිතයන් පසුගිය දින කීපයේම එම ප්‍රෙදේශයේ ධීවරයන්ට
බලකර සිටියේ මෙම යෝජනවාට එකග වී මුහුදු යන ලෙස බවයි. නමුත් ධීවරයින් බහුතරයක්
අදවනතුරැත් එය පිලිනොගත් බවත් මෙම යෝජනාවට එකගවූයේ ධීවරයින් මේ වනවිට
මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය නිසා බවත්, ස්ථීර විසදුමක් ලබාදීමට රදගුරැතුමා පොරොන්දු වූ නිසා බවත් ඔහු පැවසීය.
මෙම යෝජනාව නිසා ධීවරයින්ට ෂෙඩ් එකට ගොස් රාත්‍රිෙය් පෝලිමේ සිටීමට සිදුවන බවත්,ලී
ලීටර් 30කට වඩා අවශ්‍ය වන ධීවරයින්ට මෙම යෝජනාවෙන් කිසිදු සහනයක් නොලැබෙන බවත් ඔවුන්ගේ අදහසයි.  ඒ වගේම මෙම සහනාධාර යෝජනාවේදී ධිවරයින් තමන්ගේ රැකියාවට සුපුරැදු ඉන්ධන ලබාගන්නාක්‍රම සැලකීමට නොගෙන ඇති බවද ඔවුන් පවසයි. උදා එනම් වෙරළලේදී ඉන්ධන විකුනන අළෙවිකරැවනගෙන් ධීවරයින්ට මෙම සහනය ලබාගතහැකි
තත්ත්වය පිළිබදව රජයේ අවදානය යොමුවී නොමැති බවයි.එමෙන්ම රජය විසින්  තවමත්කූපන් පත් මුද්‍රණ කර අවසන් නැති බවත් ඒවා ලැබෙන්නට තවත් ප්‍රමාද විය හැකි බවත් ධීවර නායකයින්ගේ අදහසයි.
මෙම සාකච්ඡාව අවසානයේදී ධීවර නායකයන් විසින් මෙම යෝජනාවට එකග වන්නේ තාවකාලිකව දින 06ට බව තහවුරැ කර ඇති අතර රජයේ නියෝජිතයන් සහ අගරදගුරැතුමන් විසින් ස්ථීර විසදුමක් වෙනුවෙන් රජය සමග සාකචඡා පවතවන බවට පොරොන්දු වී ඇත.
එමෙන්ම එහිදී සනත් නිශාන්ත අමාත්‍යවරයා පවසා ඇත්තේ අද රාත්‍රිෙය්දී  ඔහු හා පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා ඇමතිවරයා ජනාධිපතිතුමා සමග මෙම ප්‍රශ්නය පිලබදව සාක්ච්ජාවක්
පවත්වන බවයි.
මෙම සාකච්ඡාවට හලාවත,කරැක්කුපනේ, තොඩුවාව, අඹකදවිල සහ මැදවත්ත යන ප්‍රෙද්ශ වල ධීවර සංගම් නායකයින් සහභාගී වී ඇත.

හෝටලයෙන් පහර කා රෝගී වූ ජීසස්ගේ ජීවිතයට වන්දි ගෙවන්නේ කව්ද?

Posted on 22 පෙබ 2012 at 1:18ප.ව.

ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දුගේ වයස අවු 15 කි. 2011 අගෝස්තු මස 07 වනදා බලාපොරොත්තු නොවූ ලෙස පෙරියමුල්ල අනසර් හෝටලයේ දී ඇතිවූ සිදුවීමකදී එම  හෝටලයේ සේවකයන් අතින් බරපතල ලෙස පහරකෑමකට ලක්වීමට ජීසස්ට සිදුවිය.  එහිදී සේවකයෙකුගේ අතින් එල්ල වූ රයිස් හැන්දෙන් කළ පහරක් හේතුවෙන් ජීසස්ගේ හිසට බරපතල ලෙස තුවාල වී  කොළඹ මහා රෝහලේ දී සැත්කම් කීපයකට භාජනය වූ පසු ඔහුව රාගම රණවිරැ සෙවනට යොමුකර ඇත්තේ ව්‍යායාම විලින් ඔහුගේ ශරීරයේ අඩපනවූ වම් භාගය සුවවීම සදහායි. මාස කීපයකට පසු ජීසස් රාගම රණවිරැ සෙවනේ සිට පසුගිය 08 වෙනිදා පෙරියමුල්ලේ සිය නිවසට පැමින ඇත.
පෙබරවාරි 09 දා මීගමුව පොලීසිය ඔහුගේ නිවසට පැමිණ ඔහු සහ මවත් සමග පෙරියමුල්ලේ
අන්සර් හෝටලයට ඔවුන් ගෙන ගොස් පහරදුන් පුද්ගලයන් හදුනාගන්නා ලෙස පවසා ඇත. තමාට පහරදුන් එක්  සේවකයෙකු හදුනාගෙන ඇති අතර ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  ජීසස් පවසන්නේ  තමා ඇතුළු මිතුරන්ට පහරදුන් දවසේ  හෝටලයේ සිටි
අනෙක් සේවකයින් සහ හෝටලයේ මුදලාලි එම අවස්ථාවේදී නොසිටි බවයි.
මේ වන විට ජීසස්ගේ අධ්‍යාපන කටයුතු නැවතී ඇති අතර ඔහුගේ ශරීරයේ වම් පැත්තේ අත සහ
පාදය අක්‍රීය වී ඇත. එමෙන්ම ඔහුට කතා කිරීමට ද හැකියාවක් නොමැත. මේ වන විට ඔහුගේ දෙමාපියන් හට කිසිදු ප්‍රමාණවත් වන්දියක් ලබාදී නෙමැත.

 

 

http://www.meepura.com/stories/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7

හලාවත ධීවරයින් අදත් ගොඩබිමේ

Posted on 22 පෙබ 2012 at 10:35පෙ.ව.

පසුගිය දින ගණනක් තිසසේ මුහුදු රස්සාවට නොගිහින් සිටි  හලාවත,අඹකදවිල මුහුදු තීරැවේ ධීවර ජනතාව අද වන විටත් මුහුදු යාම වර්ජනය කරමින් ඇත. ඔවුන් ඊයේ සවස සිට අගරදගුරැතුමා හමුවී ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බලාහිද අද පෙරවරැ 10 ට   අගරදගුරැතුමා සමග සාකච්ඡාව සදහා සුදානම්ව හිදී. හලාවත ධීවර නියෝජත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වන අතර ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ භූමිතෙල් සහනාධාරය පිළිබදව විධිමත් හා කෙටුම්පත් වැඩපිළිවෙලක්  ස්ථාපිත විය යුතු බවයි.