අම්මා0 comments

By admin
Posted on 24 අප්‍රේ 2011 at 11:30පෙ.ව.
මීගමු නගරයේ 273 පිටිපන පාරේ නිතර යනඑන අප කාටත් කොතලාවල පාලම අසල තල් අල විකුණන ඈ අමුත්තියක නොවන බව අපි දනිමු. නමින් පන්ඩාරම් ජෙබමාලයි වුවද අප කවුරුත් ඈ හ`දුනන්නේ ‘ජීවා’ නමිනි.‘‘මීපුර’’අපි මෙවර කතාබහ තුළින් ඇය හමුවීමට සිතුවෙමු. මේ ඇය සමග කළ කතාබහයි.
මීගමු නගරයේ 273 පිටිපන පාරේ නිතර යනඑන අප කාටත් කොතලාවල පාලම අසල තල් අල විකුණන ඈ අමුත්තියක නොවන බව අපි දනිමු. නමින් පන්ඩාරම් ජෙබමාලයි වුවද අප කවුරුත් ඈ හ`දුනන්නේ ‘ජීවා’ නමිනි.‘‘මීපුර’’අපි මෙවර කතාබහ තුළින් ඇය හමුවීමට සිතුවෙමු. මේ ඇය සමග කළ කතාබහයි.
අම්මාගේ රැුකියාව ගැන විස්කරයක් කළොත්:

මම දැන් අවුරුදු 15ක් විතර ඉ`දන් මේ රස්සාව කරන්නේ .මං ඉන්නේ පෑලියගොඩ.එහෙ ඉ`දලා තමයි මං මීගමුවට මේ රස්සාවට එන්නේ.උදේ 8ට විතර ගෙදරින්  එනවා. එද්දී තල් අල 150-200 විතර ගේනවා.ඒ ඔක්කොම විකුණගෙන හවස 3.30ට විතර තමයි මං ආපහු ගෙදර යන්නේ.

අම්මා ගේ පවුලේ තොරතුරු කොහොම ද?

මං ඉපදුනේ ගාල්ලෙ.විවාහ වුණාට පස්සේ මං මහත්තයත් එක්ක පෑලියගොඩට ආවා. මගේ මහත්තයාගේ නම කේ. පච්චමාල්.මට දරුවො දෙන්නෙක් ඉන්නවා.දුවෙකුයි පුතෙකුයි.එයාලත් දැන් විවාහ වෙලා.

ඊට පස්සේ අපි දෙන්නා පෑලියගොඩ කීරගොටුවේ කීර(පලා*වික්කා. ඒ රස්සාවෙන් ලාභ නැති නිසා මමයි මහත්තයයි තල් අල විකුණන්න පටන් ගත්තා.

අපි කොළඹ ගිහින් තොගේට තල් අල සල්ලිවලට අරගෙන පෑලියගොඩ දී තම්බලා කටුනායක ගුවන්තොටුපොළ ළ`ග වික්කා .ඒ අපි මෙහෙට එන්න කලින්.අපි මෙහෙ රස්සාව පටන් අරන් අවුරුදු 15ක් විතර වෙනවා.දැනට අවු:6 කට කලින් මගේ මහත්තයා නැති වුණා.එදා ඉ`දන් මං තනියම මේ රස්සාව කරනවා.

මේ රස්සාව ගැන මෙහෙ ජීවිතේ ගැන අම්මා මොකද හිතන්නේ:

කටුනායක ඉද්දී ඒ කියන්නේ 79-80 වගේ කාලෙ.  එතන ඉන්න  ඕනෙනම් අවසර පත‍්‍ර ගන්න කිව්වා.අපි හරිම අසරණ මිනිස්සුනෙ.ඒවා ගැන තේරුමක්  තිබුණෙත්  නෑ.එතන ඉන්න කරදර නිසා අපි කොතලාවල පාලම  ළ`ග වෙළෙ`දාම පටන් ගත්තා.

මෙහෙ හරිම නිදහස්.එදා ඉ`දලා මේ වෙනකල් මට මෙහෙ රස්සාව කරන්න කිසිම බාධාවක් වෙලා නැහැ.මෙහෙ මිනිස්සු හරිම හො`දයි.මේ අවට හැමෝම මාව දන්නවා.මං ගේන තල් අල ඔක්කොම විකිණෙනවා.මගෙන් හැමදාම තල් අල ගන්න පුරුදු වුණ අයත් ඉන්නවා.

අම්මා මේ රස්සාව කරන එක ගැන සතුටු වෙනවාද?

ඔව්.මං මේක කරන්නේ කැමැත්තෙන්.මේකෙන් මට ජීවත්වෙන්න ප‍්‍රමාණවත් ආදායමක් ලැබෙනවා. මං මගේ ජීවිතේ පු`ඵවන් තරම් කාලයක් මේ රස්සාව කරනවා. මං මගේ දරුවන්ට කරදර කරන්න කැමති නෑ.එයාලත් ඒක දන්නවා.ඒ නිසා කරදරයක් නෑ.

දේවිකා නිල්මිණී -අචිනි ශානිකා

Read also
Advertisement