spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිණි කෙලි රස්සාව

Must read

me maha kandaතත්පර කිහිපයක් තුළ දැවී අ`ඵ වන හුදෙක් වින්දනය ස`දහා නිෂ්පාදනය වන ගිණිකෙළි කර්මාන්තය පිළිබ`ද ඔබේ දැනුවත් බව අවදි කිරීමට සුදුසු කාලය දැන් එළඹ ඇතැයි සිතූ බැවින් මෙසේ සටහන් තබමි.
චීනයේ ප‍්‍රථමයෙන්ම ආරම්භ වී පසුව ලොව නොයෙකුත් රටවල විකාශනය වූ ගිණිකෙළි කර්මාන්තය ක‍්‍රි.ව.1917 දී ශ‍්‍රී ලංකාවට හ`දුන්වා දෙනු ලැබී ය. ඒ, ඒමිස් පෙරේරා නම් කිඹුලාපිටියේ විසූ පුද්ගලයෙකු හා චීන ජාතික ,ශ‍්‍රී ලංකාවේ අතරමං වූ පිරිසකගේ ඇසුරේ ප‍්‍රතිඵලයක් වශයෙනි.
ඒ අනුව ශ‍්‍රී ලාංකේය ගිණිකෙළි කර්මාන්තයේ නිජබිම කිඹුලාපිටිය ගල්මංකඩ ප‍්‍රදේශයයි. මේ වන විට මෙම ප‍්‍රදේශය පුරා බොහෝ ස්ථාන වල මෙම කර්මාන්තය ව්‍යාප්ත වී ඇති අයුරක් දැක ගත හැක.
ගිණිකෙළි කර්මාන්තයේ ආර්ථික වැදගත්කම පිළිබ`දව කතාකරනවිට රටේ
රැුකියා වියුක්ත තරුණ තරුණියන් හට ලබා දී තිබෙන රැුකියා අවස්ථා අපමණය.මේ වන විට එම ආයතන තුළ සේවයේ යෙදී සිටින තරුණයින් ගෙන්  60% ක් පමණ දෙමළ ජාතික  තරුණයින් වීම ද විශ්ෂත්වයකි.
එසේම මෙම ගිණිකෙළි කර්මාන්තය තුළ
සිදුවන හදිසි පිපිරීම් පිළිබ`දව ඔබේ දැනුවත් බව වැඩි කිරීම මේ එළඹෙන උත්සව සමයේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම උචිත යැයි සිතමි.
ගිණිකෙළි පත්තු කිරීමෙන් අප සතුටට පත්වන අවස්ථා බොහෝ වුවද එහි දී සිදුවන එක් අනතුරක් ඉතා විශාල හානියක් ඇති කරයි.
ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදනයේ දී සිදුවන නොසැලකිලිිමත්කම මෙයට හේතුවේ. එනම් නිෂ්පාදනයන් සිදුකරන අතරතුර දුම් පානය කිරීම ,වෙඩි බෙහෙත් වලට වැලි වැටීම,ආදී නොසැලකිල්ල නිසා සිදුවන අතපසු වීම් මෙවැනි පිපිරීම් වලට ප‍්‍රධාන  වී ඇත.
කිඹුලාපිටිය වැරැුල්ල වත්තේ 2006 අගෝස්තු මස 20 වැනි දින සිදු වූ පිපිරුම මේ වන විටත්  බොහෝ දෙනෙකුට අමතකව ඇතුවා විය හැක. එම මඩුවේ පිපිරුමට හේතු වී තිබුණේ වෙඩි බෙහෙත් තිබූ කොළයට කිරන පඩියක් වැටීමයි. වෙඩි බෙහෙත් කිරන ස්ථානය පවත්වා ගත යුත්තේ වෙනම ස්ථානයක වුවත් මෙම මඩුවේ බෙහෙත් කලවම් කිරීම හා කිරුම් මිනුම් එකම තැන සිදුකළ බව එකල වාර්තා විණි.කලවම් කළ වෙඩි බෙහෙත් මතට පඩිය වැටීමෙන් ඇති වන පීඩනය වෙඩි බෙහෙත් ගිණි ගැනීමට හො`දටම ප‍්‍රමාණවත්ය.
සාමාන්‍යයෙන් ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදනයේ දී එම නිෂ්පාදන මඩු ,නිෂ්පාදන ගබඩා සහ වෙඩි බෙහෙත් ගබඩාව අතර අඩි 150 ක පරතරයක් තිබිය යුතු බවට රජයේ නීතියක් ඇත. එමෙන්ම ආයතනයට ආසන්නයේ නිවසක් තිබේ නම් ඒ අඩි 150 ක දුරින් විය යුතුය. මෙම සීමාවන් 1956 දී අඩි 25 ක් ලෙසත් පසුව අඩි 75 ක් ලෙසත් පැවත තිබේ. අද වනවිට එය අඩි 150 ක් වී තිබේ.
නමුත් මේ වනවිට මෙවැනි ආරක්ෂක ක‍්‍රම අනුගමනය කිරීමට තරම් ඉඩ පහසුකම් ඇති නිෂ්පාදනාගාර විරලය.
මෙවැනි පිපිරීම් සිදුවන  ඕනෑම ස්ථානයක පිපිරුම දෙගුණ තෙගුණ වන්නේ මෙම අනාරක්ෂිත ක‍්‍රම හේතුකොට ගෙන ය.එකම මඩුවක් තුළ සියලූ නිෂ්පාදන කටයුතු කිරීමත් .ගබඩා කිරීමත් ,සේවකයින් විශාල පිරිසක් එකම මඩුව තුළ සේවය කිරීමත් නිසා හදිසි පිපිරීමක දී සිදුවන හානිය ඉතා විශාල වේ.
එසේම මෙම නිෂ්පාදන කටයුතු රාත‍්‍රී කාලයේ කිරීම ද නුසුදු ය. ඒ රාත‍්‍රී කාලයේ ඇතිවන උෂ්ණත්ව වෙනස නිසා දහවල් කාලයේ කලවම් කළ වෙඩි බෙහෙත් ගිණි ගැනීමේ අවදානමක් පවතින බැවිනි. නමුත් . තවද මෙම නිෂ්පාදන කටයුතු කිරීම ස`දහා කුඩා ළමුන් හා පළපුරුද්දකින් තොර පුද්ගලයින් යොදා ගැනීම නිසා ද මෙවැනි පිපිරුම් ඇති වේ. එවැන්නන් අතින් සිදුවන ඉතා කුඩා හෝ අතපසු වීමක් පිපිරුමක් ස`දහා හො`දටම ප‍්‍රමාණවත්ය.විශේෂයෙන්ම ඉතාමත් සුපරික්ෂාකාරීව කළ යුතු බෙහෙත් කලවම් කිරීම ආදී අවදානම් සහිත කටයුතු මෙවැනි පුද්ගලයින් ලවා කරවා ගැනීම
නිසා පිපිරීම් සිදුවන අවස්ථා බහුලය. සීමිත වශයෙන් ලබා දෙන ,අධික ගිණි ගැනීමේ සම්භාවිතාවයකින් යුත් වෙඩි බෙහෙත් වර්ග ප‍්‍රබල ව්‍යාපාරිකයින් විසින් නීති විරෝධී ලෙස විශාල වශයෙන් ලබාගෙන නිෂ්පාදන කටයුතු කිරීම නිසා ද මෙවැනි පිපිරුම් හා හදිසි අනතුරු සිදුවේ.
බලපත‍්‍ර රහිතව ප‍්‍රබල ව්‍යාපාරිකයින් යටතේ නිවෙස් තුළ හා ආසන්නයේ ඉතා කුඩා මඩු පවත්වා ගනිමින් නිෂ්පාදන කටයුතු වල නිරත වීම හේතුවෙන් මෙවැනි අනතුරු සුලභව දකින්නට ලැබේ.
ගිණිකෙළි මඩුව ප‍්‍රමිතියෙන් තොර වීමද  අනතුරු ඇති වීමට ප‍්‍රධාන හේතුවකි.මඩුවේ උස ප‍්‍රමාණය අඩු වීම ,වහලයට ටකරම් යොදා ගැනීම නිසා උෂ්ණත්වය ර`දා පැවතීම නිසාත් මඩුව තුළ රස්නය වැඩි වීම වෙඩිබෙහෙත් ස`දහා බලපෑම් ඇති කරයි. තවද පහත් වහලයෙහි තවත් පහළින් විදුලි බුබුලූ රැු`දවීම සහ මඩු වලට අක‍්‍රමවත් ලෙස විදුලිය ලබා ගැනීමෙන්  එම අනතුරු තවත් උග‍්‍ර වේ. බොහෝමයක් නිෂ්පාදකයන් ගේ අරමුණ නිෂ්පාදනය වැඩි කර ගැනීම නිසා සේවකයන් ගේ ජීවිත පිළිබ`දව දක්වනු ලබන්නේ අඩු සැලකිල්ලකි.මෙය වැඩිපුර දැකිය හැක්කේ මහ පරිමාණයෙන් සිදු කරන ව්‍යාපාර තුළ ය. විශේෂයෙන්ම පිපිරීම් ඇතිවූ ස්ථානයේ සේවයේ යෙදී සිටි පුද්ගලයින් ගේ ජීවිත පිළිබ`දව ඇති අවදානම ඉතාමත් ඉහළ ය. මෙම කර්මාන්තය ආශ‍්‍රිතව සිදුවූ
ජීවිත විනාශය මෙන්ම සදාකාලික ආබාධිතයින් බවට පත්වූ පුද්ගලයින් ද ඉහළ සංඛ්‍යාවකි.
කිඹුලාපිටිය ප‍්‍රදේශයේ සිදු වූ පිපිරීමේ දී සේවකයින් 18 දෙනෙකු එය සිදුවන විට එතැන සිටි බව කියැවේ.එම පිපිරුමෙන් දිවි ගලවා ගත්තේ දෙදෙනකු බවත් අනෙක් 16 දෙනා මිය ගිය බවත් එකල වාර්තා විණි.එම පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී මළ සිරුරක උඩු කය කොටසක් ද හමු වී තිබිණි.
දැනට ගිණිකෙළි නිෂ්පාදන අතර පවතින ‘ෂෙල්’ නම් මල් වෙඩිලි වර්ගය පත්තු කිරීමේ දී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය. එය නිෂ්පාදකයිත් පමණක්  අවශ්‍ය අවස්ථාවල දී පත්තු කරන,අවධානම ඉතාම වැඩි මල් වෙඩි වර්ගයකි. එවැන්නකින් යම් හානියක් සිදුවුවහොත් එය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නක් තරම් බරපතල වේ.
එවැනි එක් සිද්ධියක් කිඹුලාපිටිය දේවස්ථාන භූමියේ දී වර්ෂ 2003 පෙබරවාරි මස 10 වැනි දින සිදු විය. මේ ක`දු`ඵ කතාව ඔබට සිහිකර දීම ඔබේ අනාගත ආරක්ෂාවට පිටුවහලක් වනවා සේම මේ සිද්ධිය ට පාදක වන අයගේ ද යහපත පිණිස හේතු වනු ඇත.
කිඹුලාපිටිය පන්සල ඉදිරිපිට පාරේ අංක 364/බී නිවසේ පදිංචි ටී අනුර ජිනදාස සහ ප‍්‍රදීපා සන්ධ්‍යාමාලි යන දෙමව්පියන්ගේ ආදර දියණිය වූ දොළොස් හැවිරිදි දුමේෂා මධුභාෂිණී දියණිය මීට වසර පහකුත් මාස නවයකට පමණ පෙර මෙලොව හැර ගියේ මෙම අපරික්ෂාකාරීන් ෂෙල් වෙඩි පත්තු කිරීමක අනිටු ප‍්‍රතිඵලයක් වශයෙනි. කිඹුලාපිටිය දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට සහභාගී වෙමින් සිටිය දී දේවස්ථාන භූමියේ කෙළවර පත්තු කළ ෂෙල් වෙඩිල්ලක් ඇගේ ජීවිතය බිලිගත්තේ ඉතාම අකාරුණික ලෙසය.
වෛi වාර්තා වලද ස`දහන් පරිදි ඇගේ හිසට සිදුවී තිබුණු බරපතල හානි නිසා ඇගේ මරණය සිදුවී තිබුණි.මෙය නීති විරෝධී ලෙස නිසියාකාර ආරක්ෂාවක්, ක‍්‍රමවත් පිළිවෙතක් අනුගමනය නොකර ෂෙල් වෙඩි දැල්වීමේ අනිටු ප‍්‍රතිඵලය විය. මීගමු පොලීසිය මේ පිළිබ`දව පරීක්ෂණ කටයුතු පවත්වා  ‘‘සුදු මුවා ගිණිකෙළි ’’යන නමින් එම ගිණිකෙළි පත්තු කිරීමට මුල්වූ සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක ඊ /476 /03 යටතේ නඩු පැවරුවද ඔවුන් මේවන විට නිදහස ලබා ඇත්තේ පැමිණිලි පාර්ශවයේද කිසිදු අනුදැනුමකින් ද තොරවය. ඒ  දිනෙන් දින කල්ගිය නඩුවාර 30කට ආසන්න ගණනක ප‍්‍රතිඵලය වශයෙනි.
එසේම කිඹුලාපිටියේ සිදුවූ තවත් පිපිරීමකින් එම ආයතනයට අයත් වාහනයක් මු`ඵමනින්ම දැවී අ`ඵවී තිබිණි. ඇතැම් තැන්වල වහලයේ උ`ඵ  ගැලවී ගොස් තිබිණී. පිපිරීමකදී ඇතිවන කම්පනයෙහි දැඩිබව එමගින්ම අවබෝධ කරගත හැක.
ගිණිකෙළි කර්මාන්තය තුළ උපයන මුදල මෙන් දෙගුණයක්  තුන්ගුණයක් මෙවැනි පිපිරීම් වලින් ජීවිත සමග අහිමි වී යයි. මෙමගින් සිදුවන දේපළ හානි නැවත සකස් කරගත හැකි වුවද ජීවිත හානි යළි සකසන්නේ කෙසේද? මේ උත්සව සමය තුළ ඔබද මෙවැනි දේ කෙරෙහි යොමුවනවාට සැක නැත. ගිණිකෙළි දැල්වීමේ දී ඔබ ආරක්ෂා වීම ඔබට මෙන්ම අන් අයටද යහපතක් වනු ඇත. ඔබේ ආරක්ෂාකාරී බව බොහෝ දෙනෙකුට ආරක්ෂාව සලසනු ඇත.

තත්පර කිහිපයක් තුළ දැවී අ`ඵ වන හුදෙක් වින්දනය ස`දහා නිෂ්පාදනය වන ගිණිකෙළි කර්මාන්තය පිළිබ`ද ඔබේ දැනුවත් බව අවදි කිරීමට සුදුසු කාලය දැන් එළඹ ඇතැයි සිතූ බැවින් මෙසේ සටහන් තබමි.

චීනයේ ප‍්‍රථමයෙන්ම ආරම්භ වී පසුව ලොව නොයෙකුත් රටවල විකාශනය වූ ගිණිකෙළි කර්මාන්තය ක‍්‍රි.ව.1917 දී ශ‍්‍රී ලංකාවට හ`දුන්වා දෙනු ලැබී ය. ඒ, ඒමිස් පෙරේරා නම් කිඹුලාපිටියේ විසූ පුද්ගලයෙකු හා චීන ජාතික ,ශ‍්‍රී ලංකාවේ අතරමං වූ පිරිසකගේ ඇසුරේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව ශ‍්‍රී ලාංකේය ගිණිකෙළි කර්මාන්තයේ නිජබිම කිඹුලාපිටිය ගල්මංකඩ ප‍්‍රදේශයයි. මේ වන විට මෙම ප‍්‍රදේශය පුරා බොහෝ ස්ථාන වල මෙම කර්මාන්තය ව්‍යාප්ත වී ඇති අයුරක් දැක ගත හැක.

දේවිකා නිල්මිණී

ගිණිකෙළි කර්මාන්තයේ ආර්ථික වැදගත්කම පිළිබ`දව කතාකරනවිට රටේ

රැුකියා වියුක්ත තරුණ තරුණියන් හට ලබා දී තිබෙන රැුකියා අවස්ථා අපමණය.මේ වන විට එම ආයතන තුළ සේවයේ යෙදී සිටින තරුණයින් ගෙන්  60% ක් පමණ දෙමළ ජාතික  තරුණයින් වීම ද විශ්ෂත්වයකි.

එසේම මෙම ගිණිකෙළි කර්මාන්තය තුළ

සිදුවන හදිසි පිපිරීම් පිළිබ`දව ඔබේ දැනුවත් බව වැඩි කිරීම මේ එළඹෙන උත්සව සමයේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම උචිත යැයි සිතමි.

ගිණිකෙළි පත්තු කිරීමෙන් අප සතුටට පත්වන අවස්ථා බොහෝ වුවද එහි දී සිදුවන එක් අනතුරක් ඉතා විශාල හානියක් ඇති කරයි.

ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදනයේ දී සිදුවන නොසැලකිලිිමත්කම මෙයට හේතුවේ. එනම් නිෂ්පාදනයන් සිදුකරන අතරතුර දුම් පානය කිරීම ,වෙඩි බෙහෙත් වලට වැලි වැටීම,ආදී නොසැලකිල්ල නිසා සිදුවන අතපසු වීම් මෙවැනි පිපිරීම් වලට ප‍්‍රධාන  වී ඇත.

කිඹුලාපිටිය වැරැුල්ල වත්තේ 2006 අගෝස්තු මස 20 වැනි දින සිදු වූ පිපිරුම මේ වන විටත්  බොහෝ දෙනෙකුට අමතකව ඇතුවා විය හැක. එම මඩුවේ පිපිරුමට හේතු වී තිබුණේ වෙඩි බෙහෙත් තිබූ කොළයට කිරන පඩියක් වැටීමයි. වෙඩි බෙහෙත් කිරන ස්ථානය පවත්වා ගත යුත්තේ වෙනම ස්ථානයක වුවත් මෙම මඩුවේ බෙහෙත් කලවම් කිරීම හා කිරුම් මිනුම් එකම තැන සිදුකළ බව එකල වාර්තා විණි.කලවම් කළ වෙඩි බෙහෙත් මතට පඩිය වැටීමෙන් ඇති වන පීඩනය වෙඩි බෙහෙත් ගිණි ගැනීමට හො`දටම ප‍්‍රමාණවත්ය.

සාමාන්‍යයෙන් ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදනයේ දී එම නිෂ්පාදන මඩු ,නිෂ්පාදන ගබඩා සහ වෙඩි බෙහෙත් ගබඩාව අතර අඩි 150 ක පරතරයක් තිබිය යුතු බවට රජයේ නීතියක් ඇත. එමෙන්ම ආයතනයට ආසන්නයේ නිවසක් තිබේ නම් ඒ අඩි 150 ක දුරින් විය යුතුය. මෙම සීමාවන් 1956 දී අඩි 25 ක් ලෙසත් පසුව අඩි 75 ක් ලෙසත් පැවත තිබේ. අද වනවිට එය අඩි 150 ක් වී තිබේ.

නමුත් මේ වනවිට මෙවැනි ආරක්ෂක ක‍්‍රම අනුගමනය කිරීමට තරම් ඉඩ පහසුකම් ඇති නිෂ්පාදනාගාර විරලය.

මෙවැනි පිපිරීම් සිදුවන  ඕනෑම ස්ථානයක පිපිරුම දෙගුණ තෙගුණ වන්නේ මෙම අනාරක්ෂිත ක‍්‍රම හේතුකොට ගෙන ය.එකම මඩුවක් තුළ සියලූ නිෂ්පාදන කටයුතු කිරීමත් .ගබඩා කිරීමත් ,සේවකයින් විශාල පිරිසක් එකම මඩුව තුළ සේවය කිරීමත් නිසා හදිසි පිපිරීමක දී සිදුවන හානිය ඉතා විශාල වේ.

එසේම මෙම නිෂ්පාදන කටයුතු රාත‍්‍රී කාලයේ කිරීම ද නුසුදු ය. ඒ රාත‍්‍රී කාලයේ ඇතිවන උෂ්ණත්ව වෙනස නිසා දහවල් කාලයේ කලවම් කළ වෙඩි බෙහෙත් ගිණි ගැනීමේ අවදානමක් පවතින බැවිනි. නමුත් . තවද මෙම නිෂ්පාදන කටයුතු කිරීම ස`දහා කුඩා ළමුන් හා පළපුරුද්දකින් තොර පුද්ගලයින් යොදා ගැනීම නිසා ද මෙවැනි පිපිරුම් ඇති වේ. එවැන්නන් අතින් සිදුවන ඉතා කුඩා හෝ අතපසු වීමක් පිපිරුමක් ස`දහා හො`දටම ප‍්‍රමාණවත්ය.විශේෂයෙන්ම ඉතාමත් සුපරික්ෂාකාරීව කළ යුතු බෙහෙත් කලවම් කිරීම ආදී අවදානම් සහිත කටයුතු මෙවැනි පුද්ගලයින් ලවා කරවා ගැනීම

නිසා පිපිරීම් සිදුවන අවස්ථා බහුලය. සීමිත වශයෙන් ලබා දෙන ,අධික ගිණි ගැනීමේ සම්භාවිතාවයකින් යුත් වෙඩි බෙහෙත් වර්ග ප‍්‍රබල ව්‍යාපාරිකයින් විසින් නීති විරෝධී ලෙස විශාල වශයෙන් ලබාගෙන නිෂ්පාදන කටයුතු කිරීම නිසා ද මෙවැනි පිපිරුම් හා හදිසි අනතුරු සිදුවේ.

බලපත‍්‍ර රහිතව ප‍්‍රබල ව්‍යාපාරිකයින් යටතේ නිවෙස් තුළ හා ආසන්නයේ ඉතා කුඩා මඩු පවත්වා ගනිමින් නිෂ්පාදන කටයුතු වල නිරත වීම හේතුවෙන් මෙවැනි අනතුරු සුලභව දකින්නට ලැබේ.

ගිණිකෙළි මඩුව ප‍්‍රමිතියෙන් තොර වීමද  අනතුරු ඇති වීමට ප‍්‍රධාන හේතුවකි.මඩුවේ උස ප‍්‍රමාණය අඩු වීම ,වහලයට ටකරම් යොදා ගැනීම නිසා උෂ්ණත්වය ර`දා පැවතීම නිසාත් මඩුව තුළ රස්නය වැඩි වීම වෙඩිබෙහෙත් ස`දහා බලපෑම් ඇති කරයි. තවද පහත් වහලයෙහි තවත් පහළින් විදුලි බුබුලූ රැු`දවීම සහ මඩු වලට අක‍්‍රමවත් ලෙස විදුලිය ලබා ගැනීමෙන්  එම අනතුරු තවත් උග‍්‍ර වේ. බොහෝමයක් නිෂ්පාදකයන් ගේ අරමුණ නිෂ්පාදනය වැඩි කර ගැනීම නිසා සේවකයන් ගේ ජීවිත පිළිබ`දව දක්වනු ලබන්නේ අඩු සැලකිල්ලකි.මෙය වැඩිපුර දැකිය හැක්කේ මහ පරිමාණයෙන් සිදු කරන ව්‍යාපාර තුළ ය. විශේෂයෙන්ම පිපිරීම් ඇතිවූ ස්ථානයේ සේවයේ යෙදී සිටි පුද්ගලයින් ගේ ජීවිත පිළිබ`දව ඇති අවදානම ඉතාමත් ඉහළ ය. මෙම කර්මාන්තය ආශ‍්‍රිතව සිදුවූ

ජීවිත විනාශය මෙන්ම සදාකාලික ආබාධිතයින් බවට පත්වූ පුද්ගලයින් ද ඉහළ සංඛ්‍යාවකි.

කිඹුලාපිටිය ප‍්‍රදේශයේ සිදු වූ පිපිරීමේ දී සේවකයින් 18 දෙනෙකු එය සිදුවන විට එතැන සිටි බව කියැවේ.එම පිපිරුමෙන් දිවි ගලවා ගත්තේ දෙදෙනකු බවත් අනෙක් 16 දෙනා මිය ගිය බවත් එකල වාර්තා විණි.එම පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී මළ සිරුරක උඩු කය කොටසක් ද හමු වී තිබිණි.

දැනට ගිණිකෙළි නිෂ්පාදන අතර පවතින ‘ෂෙල්’ නම් මල් වෙඩිලි වර්ගය පත්තු කිරීමේ දී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය. එය නිෂ්පාදකයිත් පමණක්  අවශ්‍ය අවස්ථාවල දී පත්තු කරන,අවධානම ඉතාම වැඩි මල් වෙඩි වර්ගයකි. එවැන්නකින් යම් හානියක් සිදුවුවහොත් එය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නක් තරම් බරපතල වේ.

එවැනි එක් සිද්ධියක් කිඹුලාපිටිය දේවස්ථාන භූමියේ දී වර්ෂ 2003 පෙබරවාරි මස 10 වැනි දින සිදු විය. මේ ක`දු`ඵ කතාව ඔබට සිහිකර දීම ඔබේ අනාගත ආරක්ෂාවට පිටුවහලක් වනවා සේම මේ සිද්ධිය ට පාදක වන අයගේ ද යහපත පිණිස හේතු වනු ඇත.

කිඹුලාපිටිය පන්සල ඉදිරිපිට පාරේ අංක 364/බී නිවසේ පදිංචි ටී අනුර ජිනදාස සහ ප‍්‍රදීපා සන්ධ්‍යාමාලි යන දෙමව්පියන්ගේ ආදර දියණිය වූ දොළොස් හැවිරිදි දුමේෂා මධුභාෂිණී දියණිය මීට වසර පහකුත් මාස නවයකට පමණ පෙර මෙලොව හැර ගියේ මෙම අපරික්ෂාකාරීන් ෂෙල් වෙඩි පත්තු කිරීමක අනිටු ප‍්‍රතිඵලයක් වශයෙනි. කිඹුලාපිටිය දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට සහභාගී වෙමින් සිටිය දී දේවස්ථාන භූමියේ කෙළවර පත්තු කළ ෂෙල් වෙඩිල්ලක් ඇගේ ජීවිතය බිලිගත්තේ ඉතාම අකාරුණික ලෙසය.

වෛi වාර්තා වලද ස`දහන් පරිදි ඇගේ හිසට සිදුවී තිබුණු බරපතල හානි නිසා ඇගේ මරණය සිදුවී තිබුණි.මෙය නීති විරෝධී ලෙස නිසියාකාර ආරක්ෂාවක්, ක‍්‍රමවත් පිළිවෙතක් අනුගමනය නොකර ෂෙල් වෙඩි දැල්වීමේ අනිටු ප‍්‍රතිඵලය විය. මීගමු පොලීසිය මේ පිළිබ`දව පරීක්ෂණ කටයුතු පවත්වා  ‘‘සුදු මුවා ගිණිකෙළි ’’යන නමින් එම ගිණිකෙළි පත්තු කිරීමට මුල්වූ සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක ඊ /476 /03 යටතේ නඩු පැවරුවද ඔවුන් මේවන විට නිදහස ලබා ඇත්තේ පැමිණිලි පාර්ශවයේද කිසිදු අනුදැනුමකින් ද තොරවය. ඒ  දිනෙන් දින කල්ගිය නඩුවාර 30කට ආසන්න ගණනක ප‍්‍රතිඵලය වශයෙනි.

එසේම කිඹුලාපිටියේ සිදුවූ තවත් පිපිරීමකින් එම ආයතනයට අයත් වාහනයක් මු`ඵමනින්ම දැවී අ`ඵවී තිබිණි. ඇතැම් තැන්වල වහලයේ උ`ඵ  ගැලවී ගොස් තිබිණී. පිපිරීමකදී ඇතිවන කම්පනයෙහි දැඩිබව එමගින්ම අවබෝධ කරගත හැක.

ගිණිකෙළි කර්මාන්තය තුළ උපයන මුදල මෙන් දෙගුණයක්  තුන්ගුණයක් මෙවැනි පිපිරීම් වලින් ජීවිත සමග අහිමි වී යයි. මෙමගින් සිදුවන දේපළ හානි නැවත සකස් කරගත හැකි වුවද ජීවිත හානි යළි සකසන්නේ කෙසේද? මේ උත්සව සමය තුළ ඔබද මෙවැනි දේ කෙරෙහි යොමුවනවාට සැක නැත. ගිණිකෙළි දැල්වීමේ දී ඔබ ආරක්ෂා වීම ඔබට මෙන්ම අන් අයටද යහපතක් වනු ඇත. ඔබේ ආරක්ෂාකාරී බව බොහෝ දෙනෙකුට ආරක්ෂාව සලසනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article