කටුනායක පුරවරය සදහම් සිසිලෙන් ඒකාලෝක කළ “” පූජා “” වෙසක් කලාපය. …

0
70

 

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන , උතුම් වූ වෙසක් පොහොය නිමිති කරගෙන කටුනායක – සිදුව නගර සභාව, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සහ කටාන ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කර ඉදිරිපත් කරන පූජා වෙසක් කලාපය කටුනායක 18 කණුව ශ්‍රී බෝධිරතනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඩාවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගනයේදී මේ දිනවල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි. පසුගිය වෙසක් පොහොය දා පටන් ජුනි මස 02 වෙනි දින දක්වා මෙම වෙසක් කලාපය පැවැත්වෙනු ඇත. දර්ශනීය තොරණ, අලංකාර පහන් කූඩු රාශියක්ද, භක්ති ගීත ප්‍රශංසද, බත් දන්සැල් ඇතුළු දන්සැල් ගණනාවක් ම දිනපතා මේ වෙසක් කලාපය තුළ සංවිධානය කර ඇත.

IMG 20260602 WA0011 IMG 20260602 WA0010 IMG 20260602 WA0028 IMG 20260602 WA0023 IMG 20260602 WA0026 IMG 20260602 WA0020 IMG 20260602 WA0018
එලෙසමින් ඩාවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති සුවිශල් වේදිකාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය දනවන භක්ති ගීත ප්‍රසංග දිනපතාම පැවැත්වීමට, කටයුතු සංවිධානය කර ඇත.

වෙසක් පොහොයදා මෙම වෙසක් කලාපයේ සමාරම්භක අවස්ථාවට පුජා වෙසක් කලාපය නිර්මාණය කිරීමේ සහ සංවිධානය කිරීමේ සංකල්පය ඉදිරිපත් කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එලෙසම කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාල මහත්මිය ද, කටුනායක සිදුව නගර සභාවේ සභාපති, උප සභාපති සහ කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති සහ එහි සභිකවරුන්ද , එලෙසම කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක්ද ඇතුළු තවත් විශේෂ සහ ප්‍රධාන ආරාධිතයන් රැසක් ම මෙම වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

IMG 20260602 WA0024 IMG 20260602 WA0019 IMG 20260602 WA0022 IMG 20260602 WA0017 IMG 20260602 WA0015 IMG 20260602 WA0021 IMG 20260602 WA0016 IMG 20260602 WA0013 IMG 20260602 WA0012 1 IMG 20260602 WA0014 IMG 20260602 WA0009 IMG 20260602 WA0030 IMG 20260602 WA0033

මෙහි ඇති දර්ශනීය පහන් කූඩු ප්‍රදේශයේ ජනතාව විසින් සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින්ද නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. පාසල්, දහම් පාසල් සහ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ඉදිරිපත් කළ තරගකාරී බොදු ගී ප්‍රසංගය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.
එලෙසම කටුනායක ශ්‍රී බෝධිරතනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් දාන, ශීල, භාවනා වැඩසටහන් සහ ලේ දන්දීමේ කඳවුරු ද විශාල ජන සහභාගිත්වයකින් ක්‍රියාත්මක වූහ.
ඒ අනුව කටුනායක – සීදුව නගර සභාවේ සභාපති ,උප සභාපති ඇතුළු කාර්යමණ්ඩලය ද ,එලෙසම කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයද එමෙන්ම කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති , උපසභාපති ඇතුළු සභික මණ්ඩලය සහ එහි කාර්ය මණ්ඩලයද මෙම පූජා වෙසක් කලාපය පැවැත්වීම සඳහා කටයුතු කළ ප්‍රධාන සංවිධායකයන් වන අතර මෙම වෙසක් කලාපය සඳහාද එලෙසම වෙසක් කලාපයේ දිනපතාම රාත්‍රීයේ ලබා දෙන බත් දන්සැල සඳහාද මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා සහ එම කමිටුවේ සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වය සහ සහයෝගය ලබා දී තිබිණි.IMG 20260602 WA0034 IMG 20260602 WA0025 IMG 20260602 WA0029 IMG 20260602 WA0031 IMG 20260602 WA0027 IMG 20260602 WA0032

එලෙසම මෙම රාත්‍රී බත් දන්සැල් සඳහා පිරිසුදුව සහ සෞඛ්‍යාරක්ෂිතව බත් සමග ඉතා ප්‍රණීත වෑංජන පිළියෙළ කිරීම කටුනායක යුධ හමුදා කඳවුරේ හමුදා සොහොයුරන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහි ප්‍රධාන අණ දෙන නිලධාරී මේජර් ජානක සමරකෝන් මහතා සහ දෙවන අණ දෙන නිලධාරි අජිත් දිසානායක මහතා ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය මෙම කාර්ය සඳහා විශේෂ සහයෝගයක් සහ සුවිශාල දායකත්වයක් ලබා දී තිබිණි.

. මෙම දන්සලේ කටයුතු සොයා බැලීම සඳහාත් , ඒ සඳහා සහයෝගය දැක්වීමටත් කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජිත් පියදර්ශන මහතා සහ එම ප්‍රාදේශීය සභාවේ සභික නලින් සමරදිවාකර මහතා ද පැමිණ සිටිනු දක්නට ලැබිණි.

මෙම වෙසක් කලාපය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ විශේෂ දායකත්වයක් ද ලබා දී තිබිණු අතර පෞද්ගලික ව්‍යාපාරික ආයතන විසින්ද විශේෂ මූල්‍ය දායකත්වයක් මෙම වෙසක් කලාපය සඳහා ලබා දී තිබිණි.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here