….
ජාත්‍යන්තර තායි මාර්ෂල් ආර්ට්ස් ( මුවෙතායි ) ආසියානු සටන් කලා ක්‍රීඩා තරගාවලිය -2026, මේ දිනවල මීගමුව පුරවරයේදී පැවැත්වෙයි.
මීගමුව ඒත්තුකාල,
” ගෝල්ඩි සෑන්ඩ් ” හෝටල් පරිශ්‍රයේදී මෙම ජාත්‍යන්තර තරගාවලිය පසුගිය මැයි 28 වැනිදා (28/05/2026) ආරම්භ වූ අතර එදින සිට හෙට දින දක්වා එනම් ජුනි මස 01 වැනි දින (01/06/2026) දක්වා මෙය පැවැත්වෙයි.
ඒ අනුව ඕස්ට්‍රේලියාව, රුසියාව සහ ආසියානු රටවල්ද ඇතුළුව රටවල් 12 ක් නියෝජනය කරමින් තරග තරගකරුවන් 90 කට ආසන්න ක්‍රීඩකයන් පිරිසක් මෙම තරගාවලිය සඳහා සහභාගී වන අතර තරග ඉසව් 03 ක් යටතේ මෙම තරග පැවැත්වීමටද නියමිතව ඇත. ඒ අනුව වෘත්තීය මුවෙතායි මට්ටමේ තරග එනම් මුවේතායි ප්‍රොපෙෂනල් ( Muaythai Professional ), එලෙසම අර්ධ වෘත්තීය මුවෙතායි තරඟ හෙවත් මුවෙතායි සෙමි ප්‍රොපෙෂනල් ( Muaythai Semi Professional ) සහ සාම්ප්‍රදායික මුවෙතායි තරඟ හෙවත් මුවෙතායි බෝරාන් (Muaythai Boran) යන තරග ඉසව් යටතේ මෙම තරගාවලිය පැවැත්වේ.

මෙම ආසියානු ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය නිල වශයෙන් සනිටුහන් කිරීම අද දින (31/05/2026) සවස උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගි විය. එලෙසම තායි මාර්ෂල් ආර්ට්ස් ( මුයිතායි) සටන් ක්‍රීඩා ජාත්‍යන්තර සංගමයේ සභාපති ” ග්‍රෑන්ඩ් මාස්ටර් වුඩී ” හෙවත් ෂිනවොඩ් සිරිසොම්පාන් ( Mr. Chinawut Sirisompan ) මහතා ද සහභාගි විය.
එලෙසම මෙම අවස්ථාවට ආරාධිතයෙකු ලෙස මීගමුව, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් විශේෂිත ආරාධිතයින් පිරිසක් සහභාගී වුහ.
මෙම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේ නිල වශයෙන් සමාරම්භක උත්සවයට සමගාමීව, ඊට පෙරාතුව ගෝල්ඩි සෑන්ඩ් හෝටලයෙදී විශේෂ මාධ්‍ය හමුවක් ද සංවිධානය කර තිබිණි.
එම මාධ්‍ය හමුව සඳහා තායි මාර්ෂල් ආර්ට්ස් ( මුයිතායි) සටන් ක්‍රීඩා ජාත්‍යන්තර සංගමයේ සභාපති
” ග්‍රෑන්ඩ් මාස්ටර් වුඩී ” හෙවත් ෂිනවොඩ් සිරිසොම්පාන් (Mr. Chinawut Sirisompan ) මහතා , එලෙසම ජාත්‍යන්තර මූවිතායි ක්‍රීඩා සංගමයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති දුෂන්ත පෙරේරා මහතා ද එලෙසම මෙම ක්‍රීඩා සංගමයේ සභාපති සහ සාමාන්‍යධිකාරිවරයා වන නුවන් ධනංජය මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගි වූ රටවල් නියෝජනය කරමින් එම රටවල් වලින් පැමිණි ක්‍රීඩා කණ්ඩායම් වල ප්‍රධාන සාමාජිකයන්ට සහ තරඟ විනිශ්චය කිරීමට පැමිණ සිටි ජාත්‍යන්තර විනිසුරුවන්ට ද සමරු සංකිත ප්‍රදානය කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එලෙසම මෙම තරගාවලිය සඳහා ප්‍රධාන ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණි තායි මාර්ෂල් ආර්ට්ස් ( මුවෙතායි) සටන් ක්‍රීඩා ජාත්‍යන්තර සංගමයේ සභාපති ” ග්‍රෑන්ඩ් මාස්ටර් වුඩී ” හෙවත් ෂිනවොඩ් සිරිසොම්පාන් ( Mr. Chinawut Sirisompan ) මහතාට විශේෂීත සමරු සිහිවටනයක් ප්‍රදානය කිරීම ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. තවද ජාත්‍යන්තර මූවෙතායි ක්‍රීඩා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් මෙම ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලියේ සමාරම්භයට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සැපැමිණි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට , සුවිශේෂී සමරු සිහිවටනයක් ප්‍රදානය කිරීම, ජාත්‍යන්තර මූවෙතායි ක්‍රීඩා සංගමයේ, ශ්‍රී ලංකා ශාකාවේ සභාපති දුෂන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක අවස්ථාවට සමගාමීව පැවැති මාධ්‍ය හමුවේදී ද, ඉන් පසුව පැවැති මෙම විශේෂ සමාරම්භක උත්සවයේදී ද තායි මාර්ෂල් ආර්ට්ස් ( මුවෙතායි) සටන් ක්‍රීඩා ජාත්‍යන්තර සංගමයේ සභාපති ” ග්‍රෑන්ඩ් මාස්ටර් වුඩී ” හෙවත් ෂිනවොඩ් සිරිසොම්පාන් ( Mr. Chinawut Sirisompan ) මහතා රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කළේ මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමෙන් මෙරට සංචාරක ප්‍රවර්ධනයට එය මහඟු පිටුවහලක් වන බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩාව තුළ නියැලීමෙන් ජාත්‍යන්තරය ජයගත හැකි බවයි.
එලෙසම ජාත්‍යන්තර මූවෙතායි ක්‍රීඩා සංගමයේ, ශ්‍රී ලංකා ශාකාවේ සභාපති දුෂන්ත පෙරේරා මහතා මෙම මධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ තායි සටන් කලාව හෙවත් මුවෙතායි ක්‍රීඩාව තුළ නියැලෙන මෙරට ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ජයගැනීම සඳහා, එම ක්‍රීඩාවේ වෘත්තීය අත්දැකීම් ලබාගැනීමට මෙවැනි ජාත්‍යන්තර තරගාවලීන් මෙරට පැවැත්වීම අතිශය වැදගත් වන බවයි. තායි සටන් කලාව හෙවත් මුවෙතායි ක්‍රීඩාව ආසියානු ඇතුළු යුරෝපයේද රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් නිසා මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ එවැනි තරග මෙරට තුළ පැවැත්වීමෙන් විදෙස් සංචාරකයන් බහුල ලෙස මෙරටට පැමිණෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත්, එය මෙරට සංවර්ධනයටද සෘජු හා දැඩි පිටුවහළක් වන බවත් ඔහු එහිදීී වැඩිදුරටත් පැවසීය.
හෙට දින එනම් ජුනි 01 වැනි දින (01/06/2026) මෙම ජාත්‍යන්තර තායි සටන් කලා (මුවෙතායි) ක්‍රීඩා තරගාවලියේ අවසාන දිනයයි.
සටහන .- .
තුෂාර රොහාන් ප්‍රනාන්දු























