මීගමුවේ කුඩා බෝට්ටු වලට රු 25 ක සහනයක් -වර්ජනය අවසන්

Photos were posted on 20 පෙබ 2012 at 6:18ප.ව.

රජය විසින් ඉහල දැමූ  භූමිතෙල් මිළ නැවත සශෝධනය කර අලුත් චක්‍රෙල්ඛනයක්
ධිවර සංගම් නියෝජිතයින් වෙත ඉදිරිපත් කිරී‍මේ සාකච්ඡාවක් අද සවස  මීගමුව නගර
සභාවේදී පැවැත්විනි.  මෙම සාකච්ඡාව සදහා මීගමුව  කුඩා බෝට්ටු ධිවරයින් නියෝජනය කරමින් වැල්ලවීදිය – කුඩාපාඩුව – කම්මල්තොට ඒකාබද්ධ ධීවර සංවිධානය හා
දේශපාලන නියෝජිතයින් ලෙස නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුනරත්න,
පලාත්සභා අමාත්‍ය නිමල් ලන්සා, මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර, නියෝජ්‍ය පුරපති එම්. එස්.එම් සකාවුල්ලා , හිටපු නගරාධීපති හර්මන් කුරේරා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ආන්නද ප්‍රනාන්දු යන අය සහභාගී විය. මෙහිදී අමාත්‍යවරැන් විසින් රජය විසින් ගෙන ඇති භූමිතෙල් මිළ පහත දැමීමේ නව චක්‍රෙල්ඛනයක් ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇති අතර
මෙම සහන මිළ අඩු කිරීමේ ක්‍රියාවලිය පිලිබද ධීවර නියේජිතයින්ගේ අදහස් හා
එකගතාවය සදහා  පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාව පැවැත්විනි.
නව චක්‍රෙල්ඛනය යටතේ ධීවරයින්ට පමණක්  රැ 25කින් භුමිතෙල් මිළ අඩුකර ඇති අතර
රැ 81ක මිළ වටිනාකමකින් භූමිතෙල් ලීටරක් ලබාගත හැකි වනු ඇත. මෙසේ රැ 25ක්
අඩු මිළට භූමිතෙල් හෙට සිට ධීවර සමූපාකාර සමිති වලට අයත් ඉන්ධන හල් වලින්
පමණක් ලබාගැනීමට  මීගමුව ධීවරයින්ට හැකි බවද එහිදී සදහන් කර ඇත.

ඡායා -රේමන්ඩ් අපොන්සු

Viewing photos

(read users comments or add a reply)

  • Negombo Lover

    In one Stage we were proud of Negombo fishermen’s as we thought they will never give up !!!

Advertisement