මීගමුව නූතනද ? මීගමුවේ පාලකයන් නූතනද?? මීගමුවේ ජනතාව නූතනද…???

Photos were posted on 29 ඔක් 2011 at 3:23ප.ව.

බස්නැවතුම කඩිමුඩියේ වීවෘත කෙරුනේ 2011 පළාත් පාලන මැතිවරණයට පෙර  දේශපාලන වාසියක් ලබාගනු පිණිසය.

2007 වසරේ දෙසම්බරයේදි නත්තලට පෙර තිබුන බස්නැවතුම මහා හදිස්සියකින් කඩා දැමුණි.එයට හේතුව ලෙසින් තතු දත් ජනයා පවසා සිටින්නේ නාගරික මන්ත්‍රිවරුන්ට යහමින් නත්තල් කෑම වෙනුවෙන් එය එසේ සිදුවු බවය.කෙසේ වෙතත් දැන් මීගමුවට අති නවින බස්නැවතුමක් ලැබි තිබේ.බස්නැවතුමක අරුතෙන් එය කොතරම් දුරට සාර්ථකද යන ප්‍රශ්ණය මතුව ඇත්තේ මේ සිමිත භුමියේ වැඩි ඉඩක් කඩසාප්පු  වෙනුවෙන් වෙන්  කරන්නට විමත් සමගය.

කෙසේ වෙතත් මේ බස්නැවතුම සම්බන්ධයෙන් අප කරුණු ගණනාවක් වරින් වර අපේ පාඨකයා වෙත ගෙන ආවෙමු.මේ කියන්නට යන්නේ තවත් කරුණක් ගැනය

මීගමුව නූතනද ? මීගමුවේ පාලකයන් නූතනද?? මීගමුවේ ජනතාව නූතනද…

මීගමුවේ බස්නැවතුම නම් නුතනය. එහි අකෘතිය ගෙන බලන කළ ඉතා දැකුම්කළුය.එපමණක් නොව එහි ඇතුලත උපාංගද නවිනය.මෙහි වැසිකිලියකට ගොඩවැදි තිබුනු ප්‍රවාහන අමැතිවරයා තමන් සිටින්නේ සිංප්පුරුවේ යැයි සිතුනු බව පවසා තිබුනේ මේ නිසාය.

විශේෂයෙන්ම අප වැනි දකුණු ආසියාතික රටවල් ජනයා තමන්ගේ පොදු දේපල පරිහරනයේදි කටයුතු කරන්නේ කිසිදු විනයකට යටත්ව නොවේ.

අපි මොහොතකට මීගමුව ගැන සිතමු. එය නවින නරගයක් වන්නට ඇති ඉඩ අනෙක් නගරවලට වඩා වැඩිය.හේතුව එය නිරන්තරයෙන්ම ගෝලිය සමාජය දෙසට විවෘතව පවතින බැවිනි.ජාත්‍යන්තර ගුවන් තොට ,සංවාරක කර්මාන්තය පමණක් නොව කිතුණු දහමද මිට ඉඩ සපයා දෙමින් තිබේ.

එහෙත් මේ නගරය පාලනය කරන්නට අපට සිටි සහ දැන් සිටින පාලකයන් ගැන නිකමට සිතන්න.මේ නාගරික මන්ත්‍රින් 26 දෙනාගෙන් කිදෙනක් MODERN ද ???

නුතන යන්නෙන් අදහස් කරන්නේ ටයි පටි පැලදිම  හෝ කෝට් කලිසම් ඇදිම නම් නොවේ.

අපි මේ පිළිබදව ඉදිරියේදි ඔබ සමග වඩාත් විස්තරාත්මකව සාකච්ජා කිරිමට බලාපොරොත්තු වෙමු.

එතෙක් මීගමුව බස්නැවතුම ඉදිරිපස කොටසේ විදුරු වලින් අප මේ දින කිපයේම විනිවිද දුටු ජංගි එල්ලෙමින් තිබෙන මේ ඡායාරෑපය දෙස හොදින් බලන්න.

මීගමුව නූතනද ? මීගමුවේ පාලකයන් නූතනද?? මීගමුවේ ජනතාව නූතනද…

 

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 2 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 2 images.

Advertisement