ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….

0
14

.

පසුගියදා නිමාව දුටු 55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරඟාවලියේදී, මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් තම විද්‍යාලයට පමණක් නොව සමස්ත මීගමුව පුරවරයටම මහත් අභිමානයක් , කීර්තියක් එක් කරමින් එම තරඟාවලියේදී අතිවිශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළහ. අතිශය තරඟකාරී වාතාවරණයක් තුළ පැවති මෙම පාසල් ක්‍රීඩා තරඟාවලිය, ආවේ මරියා විද්‍යාලීය ක්‍රීඩකාවන්ගේ උත්සාහය සහ දැඩි කැපවීම රටටම කියා පෑ තරඟවලියක් ලෙසටද හැඳින්විය හැක.

තරඟාවලියේ කැපී පෙනෙන තාරකාව (දූතිකාව) ” ඒන්ජල් චමත්කා ” . …..

මෙම තරඟාවලියේදී වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩිකාවක බවට පත්වූයේ ආවේ මරියා බාලිකා විද්‍යාලයේ “ඒන්ජල් චමත්කා” ය. වයස අවුරුදු 15 න් පහළ බාලිකා මීටර් 100 සහ මීටර් 200 කෙටි දුර දිවීමේ ඉසව් දෙකෙන්ම ප්‍රථම ස්ථාන ජයගනිමින් සහ එම වයස් ඛාන්ඩයේම දුර පැණිමේ ඉසව්වටද තරඟ කර, මීටර් 5.42 ක දක්ෂතාවක් සටහන් කරමින් තරඟාවලියේ 15 න් පහල දක්ෂතම දුර පනින්නිය ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ඇය එම ඉසව්වෙන් ප්‍රථම සථානය ජයග්‍රහණය කර තරඟාවලියේ දී රන් පදක්කම් ත්‍රීත්වයකටම ඇය හිමිකම් කීවාය. එමණක් නොව, එලෙස ඇය සම්මානයට පාත්‍ර වීම ඇයගේ අතිවිශිෂ්ඨ දක්ෂතාවයේ තරම කියාපාන්නකි.

සෙසු දැරියන්ගේ දක්ෂතා . …..

තරඟාවලියේ 13 න් පහළ උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නුලරා මෙන්ඩිස් සමත් වූ අතර, 12න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළ සිසුවියන් පිරිසක් ද තම විද්‍යාලීය නාමය ඉහළින් ඔසවා තැබූහ.

දිනුලි නවිත්මා, නෙලී අකිෂා, රේලින් කැලැරින්ඩා , නෙතුලී නුලාරා, සෙත්මා අමන්දි සහ අෂිනී ගෝමස් වැනි දැරියන් තම ක්‍රීඩා කුසලතාවන් මනාව ඔප්පු කරමින් උස පැනීම සහ මෙඩිසින් බෝල් ( Medicine Ball ) යන ඉසව් ඔස්සේ රන්, රිදී සහ ලෝකඩ ජය සංකේත පරිසාදන මට්ටම් දක්වා දක්ෂතා දැක්වීම අනාගත බලාපොරොත්තු දල්වන්නකි.

ජයග්‍රහණයේ රහස,,දැවැන්ත කැපවීම. ….

මෙම ජයග්‍රහණය හුදෙක් සිසුවියන්ගේ දක්ෂතාව පමණක් නොව, විදුහල්පතිනි ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ නිවැරදි නායකත්වය සහ දුරදර්ශී මඟපෙන්වීම මෙන්ම විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ නිරන්තර කැපවීමේ ප්‍රතිඵලයකි. විශේෂයෙන්ම ක්‍රීඩා භාර ගුරුභවතුන් වන කුසුම් ප්‍රනාන්දු, දිව්‍යා පෙරේරා සහ රුහාමා පෙරේරා යන මහත්මීන්ගේ දැඩි කැපවීමත්, පුහුණු උපදේශකවරුන් වන අමල් පෙරේරා, ධනංජය චන්ද්‍රසිරි, රොෂාන් බාලසූරිය, අනුරාධ නානායක්කාර සහ සුමිත් ධම්මික (Messeur) යන මහත්වරුන්ගේ තාක්ෂණික මඟපෙන්වීමත් මෙම ජයග්‍රහණ පිටුපස ඇති ප්‍රධානතම ශක්තිය විය.

මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා ඉතිහාසයට තවත් රන් සටහනක් එක් කළ මෙම දක්ෂතා, ඉදිරියේදී තවත් ජාතික මට්ටමේ ජයග්‍රහණ කරා පා තැබීමට මෙම යොවුන් ක්‍රීඩිකාවන්ට ලැබුණු මහඟු පිටුබලයක් වනු නොඅනුමානය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here