කැබ් ,ටැබ් , මිගමු අයවැය යෝජනා වලින් ඉවතට.

0
38

 

මිගමුව මහනගර සභාව ලබන වසර සඳහා වන අයවැයට මේ දිනවල සුදානම් වෙමින් ඉන්නවා.

දේශපාලන සමාජයේ අවධානයට ලක්ව තිබුන කැබ් රථයක් මිළට ගැනිම සහ නාගරික මන්ත්‍රීවරුන්ට ටැබ් මිළදි ගැනිම සඳහා අයවැයට ඇතුලත්ව තිබුන ⁣රු කෝටි තුනකට ආසන්න මුදලක් අයවැය යෝජනා වලින් ඉවත් කිරිමට පියවර අරන් කියල වඩාත් විශ්වාස කටයුතු ලෙස දැනගන්නට ලැබුනා.

ඇතැම් දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ට වැළඳි තිබුන රථගාය හේතුවෙන් ⁣රු කෝටි දෙකක් වැය කරමින් කැබ් රථයක් මිළදි ගැනිම සඳහා ලබන වසරේ අයවැය යෝජනා අතරට එක්වෙලයි තිබුනේ.

මන්ත්‍රීවරුන්ට ටැබ් ලබාදිම සඳහා යෝජනවාවක් විපක්ෂයෙන් ආපු එකක් කියලයි දැනගන්නට තියෙන්නේ..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here