ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් තුළ අධික ලෙස මත්පැන් පානය කර කලහකාරී ලෙස හැසිරෙමින්, එහි දොරටුවට හානි සිදු කළ බව කියන ඉන්දීය සම්භවයක් සහිත මගීන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඉන්දීය ජාතිකයෙකි.
පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිඩ්නි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පියාසර කළ UL 607 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළදී මෙම සිදුවීම සිදුව ඇත.
ගුවන් ගමන අතරතුරදී ආහාර ලබාගැනීම සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඇති මෙම සැකකරුවන් තිදෙනා, පසුව වියරු වැටී කලහකාරී ලෙස හැසිරී තිබේ.
එහිදී ඔවුන් ආහාර පාන ප්‍රවාහනය කරන ට්‍රොලියක් මහත් වේගයෙන් තල්ලු කර ගුවන් යානයේ ප්‍රධාන දොරටුවක ගැටීමට සලස්වා ඇති අතර, එම ප්‍රහාරයෙන් දොරටුවට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම සැකකරුවන් තිදෙනා සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ, එතැන් සිට ඉන්දියාව බලා යාමට නියමිතව සිටි බව වාර්තා වේ.


















