ත්‍රස්ත පනත එපා

0
62

 

 

පැනවු මුල් අවදියේ සිටම ක්‍රිස්තියානි විමුක්ති හරය මත පිහිටා සිටින මෙරට පිරිස් විසින් එරෙහි වු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත අහෝසි කරන ලෙසත්, එය සඳහා විකල්ප නව පනතක් ගෙන නොඑන ලෙසත්, පසුගිය දා වෘත්තීය සමිති බහුජන සංවිධාන දේශපාලන ව්‍යාපාර හා පක්ෂ 240 කට ආසන්න ප්‍රමාණයක් රජයට බල කරමින් ඉදිරිපත් කළ ඉල්ලීමට කිතුසර කණ්ඩායම හා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයද එක් විය.

ඒ පිලිබඳ රජයට ඉදිරිපත් කළ ලියවිල්ලට අත්සන් තැබු අතරම පුවත්පත් සාකච්ඡාවට හා අධිකරණ ඇමතිවරයා හමුවීමටද ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ කිතුසර කණ්ඩායම් නියෝජිතයින් සහභාගී විය.

රාජ්‍ය ත්‍රස්තවාදය සුජාතකරන ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත වෙනුවට පවතින සාමාන්‍ය නීතියේ විධිවිධාන යටතේ කටයුතු කළ හැකි බවත් පවතින නීතිය තුල පවා ඇති අධිකාරිවාදි විධිවිධාන වෙනස් විය යුතු බවත් කිතුසර කණ්ඩායම මෙන්ම ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයද අදහස් කරයි.FB IMG 1748999817289FB IMG 1748999814260

ඉතා දිගු කලක් පුරා මෙරට ප්‍රමාණාත්මක සුළුතරයන් විශේෂයෙන් දෙමළ ජනයාත්, මුස්ලිම් ජනයාත් පෙලීමට ඉතා නින්දිත ලෙස මෙම පනත යොදා ගැනීම යුද්ධයට හා ජාතික ආරක්ෂාවට මුවාවි රජය විසින් සිදු කරන විට දකුණේ දේශපාලන පක්ෂ හා සන්ධාන ඊට ආ වඩද්දී, මෙම පනත විරුද්ධ වූ කණ්ඩායමක් ලෙස කිතුසර හා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය මෙම විරෝධතාවයට එක්වන අතරම අවධාරණය කරන්නේ ඒ වර්ගවාදි, ජාතිවාදි ස්ථාවරයන් මෙම පනත ශක්තිමත් කළ ආකාරය ගැන ස්වයං විවේචනයක්ද පැවැතිය යුතු බවයි.

ක්‍රිස්තියානි විමුක්ති දේව ධර්මය මර්ධන නීති සපුරා බැහැර කරන බව මුළු බයිබලය පුරාම සඳහන් වේ.

‘මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත’ (යෙසායා 10/1)

‘දේශයේ සෑම හිරකාරයෙක් තලා පෙලා පොඩි කිරීමද මහොත්මයාණන් ඉදිරියේදී මිනිසුන්ගේ යුක්තිය පෙරලා දැමීමද, මිනිසෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරිමද සමිදාණෝ අනුමත නොකරන සේක. (විලාප ගී 3/34-36)

‘මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ඨයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි’ (යෙසායා 13/11)

(කිතුසර ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here