තැඹිලි විකුණපු අහිංසකයාගේ මඩුව කඩන ලංසා පාලනය තම ගෝලයන්ගේ නීති විරෝධි කඩ සුරකියි ?

0
210
අලුත් පාරේ සුළු කඩ ඉවත් කරයි
අලුත් පාරේ සුළු කඩ ඉවත් කරයි
අලුත් පාරේ සුළු කඩ ඉවත් කරයි

 

(7.15 pm )මීගමුව.අගරදගුරු නිකලස් මාකස් මාවත තුල ඇති හිස් බිම් තීරුවේ බීම වර්ග, තැඹිලි යනාදිය විකුණන වෙළෙන්දන්ගේ කඩ කඩාදමයි. මේවා කඩා දමන්නේ නගරාධිපතිවරයාගේ අවශ්‍යතාව මත මීගමු නගරයේ සංවර්ධනය අරමුණු කරගෙන බව පැවසේ.
එය හොද දෙයකි.
මෙවැනි විකල්ප වැඩ. සදහා ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාවක් තිබීම අගය කළයුතුය. ඒනිසා පුංචි මිනිස්සුන්ගේ බීම කඩ,තැඹිළි කඩ නොසළකා සිටියහැක.

නමුත් වසර ගනනාවක සිට අනවසර ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන පිරිසක් මීගමුවේ සිටිනබව නොදන්නා කෙනෙක් නැත. එවැනි තැන්වල නාම ලේඛණයක් වුව සකසා දිය හැකිය.
CIB ගොඩනැගිල්ල අසල පිහිටි රක්ෂිත කලාපයක් තුල ඉදිකර ඇති කඩ 6 කින් සමන්විත තට්ටු ගොඩනැගිල්ල එහෙම පිටින්ම නිතිවිරෝධි එකකි.
එහි අදායම් ලබන්නේ මිගමුව මහනගර සභාවේ ආදයම් නිළධාරියෙකු ඇතුළු ලංසා පවුලේ තවත් ආධාරකරුවන් කිපදෙනෙකි.
රහිමියා හෝටලය ඉදිකිරිම වැඩිඉඩක් ලබාදිම සදහා නිමල් ලංසා විසින් සිදුකරන්නට යෙදුණ නිතිවිරෝධි වැඩපිළිවෙල ඇත්තටම බරපතල එකකි.
රේල් පාර අද්දර පිහිටි කොට්ටන් ගස්ද කපා දමා රහිමියා මුදලාලිට සිය හෝටලයේ ගොඩනැගිල්ලට වැඩි ඉඩක් වෙනුවෙන් අවැසි කටයුතු සලසා දි තිබුණි.
ලංසා පාලනය විසින් කිසිදු හිරිකිතයකින් තොරව අවසර ලබා දි තිබුණි ඒවායින් කිපයක් පමණි.

එහෙත් මේවාට අවසර ලැබී ඇත. ත්
අනවසර කතාවක් මේ ව්‍යාපාර සදහා නොපෙනේ.
එසේ පෙනෙන නමුත් අදාල බලධාරීන් නොදැක්කා සේ සිටින බව අපි දනිමු.මීගමුවේ අනවසර ප්‍රශ්ණය නිසා පීඩා විදින ජනයාගෙන් ඇසුවොත් ඇලවල් සහ කානු හිරවී ඇත්තේ අනවසර ඉදිකිරීම් නිසා බව හොදින් අවබෝධ කරගත හැක.
අපි මීට පෙර දළුපත දෙපා ඇල ගලාගෙන යන්නේ කානු කටවල් දෙකක් මැදිනි. මේවනවිට ඉන් එක කටක් වසා ඇතිබව ප්‍රදේශවාසීන් පවසයි.
ඒ අසලම ඇති මස්කඩය, පාරෙන් අනෙක්පැත්තේ ඇති යකඩබඩු කඩය අනවසර ගොඩනැගිලිය. මේ ආකාරයට සමස්ථ අනවසර ඉදිකිරීම් ගැන සොයාබලා කටයුතු කරන්නට නම් පාලකයාට හොද කොන්දක් තිබියයුතු බව අපගේ හැගීමයි
එපමණක් නොව දළුපත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හල පිහිටා ඇත්තේ ඇත්තටම නගරයේ කාණුවක් මතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here