දැන් හුඟක් අය ගෙවල්වල උයනවට වඩා කඩෙන් පත් පාර්සලයක් ගෙනල්ල කන්න පුරුදු වෙලා තියෙනව.
හැබැයි වැඩේ කියන්නේ බත් පාර්සල් විකුණන තැන් වලට දැන් පොදු චෝදනාවක් තියෙනව.
ඒ තමයි හොදි මාලු පිණි හරියට බෙදන්නේ නෑ කියන එක.
මීගමුවේ කිර්තිමත් සමාජ සේවකයෙක් වගේ හොද ව්‍යාපාරිකයෙකුද වන දොස්තර ඉයන් පහුගිය දවසක මේ බත් පැකට් ගැන මරු කතාවක් කිව්වා.
“මේ ඔයාලගෙ වෙබ් එකේ ලියන්නකො මේ බත් පාර්සල් ගැන.
බලන්නකෝ මේ හුඟක් තැන්වල තියෙන බත් පාර්සල් වලට එළවලු බෙදන්නේ හරියට තේ හැන්දෙන් වෙනව වගේනේ.
මේ බත් පාර්සල් වලබත් එක ඉවර වෙනකන් කන්න පුලුවන් විදියට දාපු එකම එලවලුවක් වත් නැනේ…”
දොස්තර ඉයන් කියපු කතාව සහතික ඇත්ත.
ගෙවන මිළට වටිනාකමක් දීපු බත් පාර්සල් මීගමුවේ නම් හරිම හිඟයි.



















