මිගමුවේ සංචාරක කලාපය පසුගිය ලංසා පාලන සමය තුලදි මුළුමනින්ම බිඳ වැටි තිබුනේ අපිරිසිදු නගරයක් ලෙස ප්‍රකට විම සහ අනාරක්ෂිත බව හින්ද?
වෙනදා කටුනායක ගුවන් තොටින් මිගමුවට පැමිණ දින කිපයක් ගත කොට ඔවුන්ගේ අනෙක් ආකාර්ෂණිය සංචාරක ප්‍රදේශය යාම පුරුද්දක් කරගෙන තිබුනා.
එවගෙම ආපහු රටින් පිටව යන කොටත් දිනක් හෝ දෙකක් මිගමුවේ ගත කිරිමටත් මේ විදේශිය සංචාරකයන් කැමැත්තක් දැක්කුවා.
නමුත් පසුගිය පාලන සමය තුල මේ සියල්ල ඉතාමත් අවාසනාවන්ත ලෙස ලෙස වෙනස් වුනා. සංචාරක කර්මාන්තය මිගමුව තුල බිදවැටුනා.
ඒක යළි ගොඩනගන්න දැන් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ මිගමුවේ සංවිධාන ලොකු උත්සාහයක් ගන්නවා.
නමුත් වත්මන් පාලනය තුලත් සංචාරක කර්මාන්තයට අවශ්‍ය අවධානය මිගමුව තුල ලැබෙන්නේ නැ කියල චෝදනාවක් තියෙන්නෙ දැන් කලක පටන්.
ඊයේ රෑ ජර්මන් ජාතික කාන්තාවක් මිගමුව සංචාරක කලාපය තුලදි අනතුරකට ලක්වෙලා තිබුනා.
ගිලන් රථයක් හෝ පොලිසිය මේ ස්ථානයට මැදිහත් වෙන්න සෑහෙන්න වෙලාවක් ගතවුනා කියන චෝදනාවකුත් මේ වෙන කොට එල්ලවෙමින් තියෙනව.
සංචාරක කලාපයේ විදුලි පහන්, පාර මාරු වෙන සුදු ඉරි මේවත් තවමත් නිසි ලෙස විසදුනේ නැති ප්‍රශ්ණ කියල සංවාරක ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් චෝදනා කරනව.
මේ ගැන කඩිනමින් බරපතල අවධානයක් යොමු කළ යුතුව තිබෙනව.
සංචාරකයන් මිගමු තුල අනාරක්ෂිතයි කියල අදහසක් යළිත් ලෝකයට යන්න ඉඩ තියන්න හොද නැ.
සංචාරක පොලිසියට සිය සේවාව සංචාරක කලාපය තුල නිසි විදියට කරගෙන යන්න තරම් ප්‍රමාණවත් නිලධාරින් නැති එකත් බරපතල ගැටළුවක්.මේවත් කඩිනමින් විසදෙන්න ඕනා.
මිගමුව මහනගර සභාවට වගේම පොලිසියට තමයි මේ වගකිම නිසි පරිදි ඉටුකරන්න වෙලා තියෙන්නෙ.



















