දයාන්ගෙ කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් ?

0
140

 

මිගමුව මහනගර සභාව ඇතුලට කිසිදු නිල අවසරයකින් තොරව රැගෙන ආ අඩි 20ක කන්ටේනරයක් ගැන ලොකු කතා බහක් පසුගිය කාලය තුල මතුව තිබුණි.

මෙම කන්ටේනරය ගෙනවිත් තිබුනේ හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් බවත් එහි ඇත්තේ මොනවාදැයි කිසිවෙකු නොදන්නා බවද හෙළිවිය.

මේ කන්ටේනරය දායන් ලංසා වෙත භාර දිමට යෝජනා වි තිබුනද මහ නගර සභාවේ අභ්‍යන්තර විගණන ඒකකයද ඊට සිය විරුද්ධත්වය පළකරමින් කියා තිබුනේ ඒ ගැන ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරිම සඳහා කමිටුවක් පත්කළ යුතු බවය.

දැන් මේ කමිටු වාර්තාව මේ වන විට අදාල ඉහලම තැන්වලට යොමුකර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ලංසා හිතවාදි නිලධාරීණියක් කෙසේ හෝ මේ වාර්තාවේ පිටපතක් ලබාගැනිම සඳහා මෙහෙයුමක් දියත්කර ඇතිබවට කසුකුසුවක් ද නගර සභා සේවකයන් අතර පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here