ධීවර ගැටලු විසඳා නොදීම ගැන පිටිපන ධීවරයන්ගෙන් රජයට චෝදනා!

0
84

ධීවර ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මීගමුව දිස්ත්‍රික් ධීවර කාර්යාලයට පැමිණි මීගමුව පිටිපන ධීවර සමිතියේ සාමාජිකයින් ඇතුළු ධීවරයින් පිරිසක්, තම ගැටලු සඳහා නිලධාරීන්ගෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවට චෝදනා කරති.

අද (05) දින පෙරවරුවේ මෙම ධීවරයින් පිරිස දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් හමුවී තම ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යයට කරුණු දැක්වීමක් සිදු කළහ.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ තම ධීවර ගැටලු විසඳා දෙන ලෙස ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

මේ අතර, දැනට මාස එකහමාරකට පමණ පෙර මුහුදේ ඇති වූ සුළි කුණාටුවකට හසුවී මියගිය ධීවරයින් දෙදෙනාගේ පවුල්වල තත්ත්වය පිළිබඳවද එහිදී අනාවරණය විය.

මියගිය ධීවරයින්ගේ භාර්යාවන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ, තම ස්වාමිපුරුෂයන්  මියගොස් මාස එකහමාරක් ගතවී ඇතත්, මේ වනතුරු කිසිදු නිලධාරියෙකු තම නිවෙස් වලට පැමිණ සොයා බැලීමක් සිදු කර නොමැති බවත්, කිසිදු සහනාධාරයක් හෝ වන්දියක් ලැබී නොමැති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here