මිගමු විපක්ෂයේ බහුතර බලය ලබාගැනිමේ සටන සජබ අතහැරලද?

0
100

 

මිගමු මහනගර සභාවට තේරි පත්ව ඇති විපක්ෂයේ සභිකයන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.
සජබ සභික ගණන 9කි.

පොදු ජන පෙරමුණ 01

ශ්‍රිලනිප 01

මුස්ලිම් කොංග්‍රසය 01

ස්වාධින කණ්ඩායම් 10 ( මේ ස්වාධීන කණ්ඩායම් වල සභිකයන්ගෙන් අවම වශයෙන් තුනක් හෝ හතරක් ලංසා විරෝධින් වන අතර ශ්‍රිලනිප සභිකයාද ඇතුලුව ඉතිරි පිරිස ලංසා වාදින් යැයි අනුමාන කළ හැකිව තිබේ.)

මේ පසුබිම තුල විපක්ෂයේ බහුතර බලයක් තහවුරු කර ගැනිමට වැඩ ඉඩක් ඇත්තේ සජබටය.
විපක්ෂ නායක යැයි තනතුරක් මහනගර සභා ව්‍යුහය තුල නැත.
එහෙත් ඇතැම් සභිකයන් විපක්ෂ නායක තනතුර සඳහා යැයි සටනක් දියත් කර ඇතැයිද වාර්තාවේ.

දැනට වාර්තා වන අන්දමට හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු සහ ලංසා හිතවාදි ස්වාධීන සභිකයෙකු විපක්ෂ නායකධුරය සඳහා සුදානම් වෙමින් සිටින බවද සැලය.

දැන් සජබට ඇති අභියෝගය වන්නේ තමන් සතුව ඇති සහිකධුර 9 මෙන්ම මුස්ලිම් කොංග්‍රසයද සජබ සන්ධානය තුල සිටින කන්ඩායමක් බැවින් ඔවුන් සතු සභික ගණන 10කිි.

ලංසා විරෝධින් ලෙස සභාව තුල සිටින ස්වාධීන සහ පක්ෂ නියෝජනය කරන සභික සහයද (දළ වශයෙන් 4 කි) මේ අනුව සජබට
14 දෙනෙකුව ගොනු කර ගැනිමට හැකියවක් තිබියදි ඒ සඳහා සටන් කරන්නේද නැතිනම් ලංසාලාගේ නියෝජතියාට සහය දෙන්නේද ,එසේත් නැතිනම් නිහඬව සිටින්නේද යන කරුණයි.
නිහඬ සිටිම යනු වක්‍රාකාරයෙන් ලංසා පි⁣ළේ නියෝජිතයාට සහය දිමක් මිස් අන් කිසිවක් නොවන බවද මෙ⁣හිලා සටහන් කළ යුතුව ඇත.
අද මිගමුව සජබට අත්ව ඇති දේශපාලන ඉරණම තුල මින් ගොඩඒමක් ගැන ඇත්තටම හිතන්නේ කළ යුතුව ඇත්තේ පළාත් පාලනය ගැන අත්දැකිම් සහිත ලංසා විරෝධි සභිකයන්ද පෙරටු කොට ශක්තිමත් විපක්ෂයේ භූමිකාවට පණ පෙවිමය.
එවැන්නක් තුල පමණක් සජබට යලිත් වටයකින් දේශපාලනික හයියක් මිගමුව තුල ගොඩ නගා ගත හැකි වනු ඇත.
සජප අනාගත දේශපාලන ඉරණම මේ තිරාණාත්මක මොහොතේදි ගනු ලබන නිවරදිම දේශපාලන තීන්දුව මත පමණක් රැදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here