මීගමුව, දළුපත එළිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කෙරේ. …. පවුල්වලට රැඳවියන් හමුවීමට ද අවසර

0
102

මීගමුව, දළුපත එළිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කෙරේ. ….
පවුල්වලට රැඳවියන් හමුවීමට ද අවසර. ….

ංංංංංංංංංංංංංං

මීගමුව, දළුපත, පල්ලන්සේන බන්ධනාගාරයේ ඊයේ (07/08/2026) පෙරවරුවේ සිට සවස් වන තුරුම ඇති ව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සිද්ධිය අතරතුර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, බන්ධනාගාරයේ ගොඩනැගිලිවලට හෝ වෙනත් දේපළවලට කිසිදු හානියක් සිදුව නොමැත.

ඊයේ (07/08/2026) මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන විට තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ අතර, අද (08/08/2026) උදෑසන වන විට රැඳවියන් බැලීම සඳහා ඥාතීන් සාමාන්‍ය පරිදි බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

ආරක්ෂක සහ පරිපාලන හේතු මත එහි සිටි රැඳවියන් 78 දෙනෙකු දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති අතර, 28 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇත. සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here