දශක ගණනාවක් තිස්සේ ඇදෙමින් තිබුන කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ ප්‍රශ්ණය විසඳිමට නව නගරාධිපති චාමර ප්‍රනාන්දු නිර්භීත පියවරක් ගනී.
ඒ විපක්ෂ නාගරික මන්ත්‍රී සජිත් මොහාන් විසින් මේ සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව මෙවර මහ සභාවට ඇතුලත් කිරිමට කටයුතු කිරිම තුලිනි.
මෙතෙක් සා.මරියා විදුහල විසින් භාවිතා කරමින් සිටි කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය යළිත් වරක් මිගමු මහනගර සභාවේ පාලනයට ගැනිම ඊයේ දිනයේ පැවැති මහසභා රැස්විමේදි සියළුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත එකමතිකවම තීන්දු වි තිබුණි.
මේ සමස්ත මෙහෙයුම තුල වත්මන් නගරාධිපති චාමර ප්‍රනාන්දුගේ මැදිහත්විම කැපි පෙනුනි.
ලංසා පාලනය විසින් සිය හිතේශිවන්තයන් හට කිසිදු පදනමකින් තොරව ලබා දි තිබෙන අනෙක් සභා දේපලද පවරා ගැනිම සිදුකල යුතුව තිබේ.
දශක ගණනාවක් තිස්සේ නොවිසදුන කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය පමණක් නොව මාතෘ සායන ගොඩනැගිල්ලද යළි බදු ගෙවන ජනයාගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට දැන් ඉඩ කඩ නිර්මාණය වි ඇත.
කිසිදු අවසරයකින් තොරව මහනගර සභා දේපලක් තුල ඉදිකරමින් ඇති ශා.මරියා ආදි ශිෂ්‍ය සංගමයේ තට්ටු ගොඩනැගිල්ලට අදාලව පළාත් පාලන නීති ප්‍රකාරව කටයුතු කිරිමට නියමිතව ඇතැයි අප කළ විමසුමකදි නාගරික මන්ත්‍රීවරයකු කියා සිටියේය.
කාමච්චෝඩේ ක්‍රිඩාපිටිය මහනගර සභා පාලනය යටතට ගැනිම මාලිමා පාලනයේද අරමුණක්ව පැවැති බව දැන් වඩාත් පැහැදිලිය.
මේ පසුබිම තුල නගරාධිපති චාමර ගේ මෙහෙයවිමේ යටතේ ඉතිරි පවරා ගැනීම්ද සිදුවන ඇතැයි අප විශ්වාස කරමු.




















