යට ඇඳුමේ දුම්කොළ සඟවා මීගමුව අධිකරණයට පැමිණි තරුණියක් අත්අඩංගුවට

0
202

 

මීගමුව අධිකරණයේ ආරක්ෂාව භාර පොලිසිය අද දින (11/08/2026) සිදුකළ පරීක්ෂාවකදී, සිය යට ඇඳුම තුළ දුම්කොළ සඟවාගෙන පැමිණි 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම අද දින, මීගමුව අධිකරණ පරිශ්‍රය තුළ සුළු ආන්දෝලනයක් ඇති කළ බව ද වැඩිදුරටත් වාර්තා වුණි.

අද (11/08/2026) උදෑසන නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර, මීගමුව අධිකරණ සංකීර්ණයට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී මෙම සිදුවීම අනාවරණය විය. එහිදී කාන්තාවන් පරීක්ෂා කරන ස්ථානයට පැමිණි මෙම තරුණිය සම්බන්ධයෙන් , අධිකරණ පරිශ්‍රය වෙත පැමිණෙන කාන්තාවන් පරීක්ෂා කිරීමේ නියුතුව සිටින සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා නිලධාරිනියකට මෙම තරුණිය සම්බන්ධයෙන් යම් සැකයක් මතුව තිබේ. ඒ අනුව එම සිවිල් ආරක්ෂක නිලධාරිනියට ඇයගේ යට ඇඳුම් ප්‍රදේශයේ යම් වෙනසක් නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව එම නිලධාරිනිය, එම තරුණියව අසල ඇති කාන්තාවන් පරීක්ෂා කිරීමේ ආරක්ෂක කුටිය වෙත කැඳවාගෙන ගොස් තිබේ.

එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී, එම තරුණියගේ යට ඇඳුම තුළ සඟවා තිබූ දුම්කොළ සොයා ගැනීමට , එම සිවිල් ආරක්ෂක නිලධාරිනියට හැකිව තිබේ. අනතුරුව, එම දුම්කොළ සහ අදාළ තරුණියව අත්අඩංගුවට ගෙන තිබණි.

මීගමුව අධිකරණය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම තරුණිය , ඒ අවස්ථාවේ , මීගමුව අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන රැඳවියෙකුට ලබා දීම සඳහා මෙලෙස දුම්කොළ රැගෙන විත් තිබු බවයි. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් තරුණිය පසුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ,මීගමුව අධිකරණය භාර පොලිස් ආරක්ෂක අංශන්හී තියුණු නිරීක්ෂණය නිසා මෙම සිදුවීම මෙලෙස හෙළිදරව් කර ගැනීමට හැකිව තිබුණි.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here