“රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහන-උඩයාර්තෝප්පුව

0
64

‎මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් කඩිනමින් ලබා දීමේ පරමාර්ථයෙන් සංවිධානය කරන ලද “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහන් මාලාවේ 9 වන අදියර 2026 සැප්තැම්බර් මස 18 වන දින උඩයාර් තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී අභිමානවත් අන්දමින් පවත්වන ලදී.

‎මෙම විශේෂිත ජංගම සේවා වැඩසටහන මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා මීගමුව නගරාධිපතිතුමා චාමර ප්‍රනාන්දු,නියෝජ්‍ය නගරාධිපති ෆසීර් මොහොමඩ්,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන්,මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය , රාජ්‍ය ආයතන වල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් අතිවිශාල පිරිසක් සහභාගී වූහ.



‎ වැඩසටහනේ අති විශේෂ සංකේතාත්මක සිදුවීමක් ලෙස අලුත උපන් දරුවන් උදෙසා ජාතික උප්පැන්න සහතික පිරිනැමීමේ කටයුත්ත සිදුවිය. එමෙන්ම, උප්පැන්න සහතික ලබා ගැනීමට පැමිණි දෙමව්පියන් වෙනුවෙන් ළමා හිංසනය පිටුදැකීම, ළමා සුරක්ෂිතතාව සහ යහපත් දෙමාපිය පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද පැවැත්විණි.

‎මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී.



‎ඒ අනුව:
‎ සුභසාධන හා සහන සේවා – අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටලු නිරාකරණය, වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගාධාර කටයුතු සම්පාදනය, ජනාධිපති අරමුදල් ආධාර අයදුම්පත් යොමු කිරීම, ආපදා සහන සේවා, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා සමාජ සේවා කටයුතු.

‎ රැකියා හා ව්‍යාපාර සංවර්ධනය – විශේෂ රැකියා පොළක් පැවැත්වීම, වෘත්තීය මාර්ගෝපදේශනය, උසස් අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීම, ක්ෂුද්‍ර ව්‍යාපාර සංවර්ධන උපදේශනය සහ තවත් සේවා මෙයට ඇතුලත්ය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here