මුළු රටම දන්නා, “ශිෂ්‍යත්ව අම්මා” ලෙස අනුවර්ත නාමයකින් පවා හඳුන්වන හයේශිකා ප්‍රනාන්දු නම් ප්‍රකට ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය විසින් තම කාර්ය මණ්ඩලයේ තරුණයෙකුට පහරදීමේ සිදුවීමක් පිළිබඳව මේ දිනවල මීගමුව සහ කටාන ප්‍රදේශවල බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබිණි.
ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී මෙම පහර දීමේ සිදුවීම සම්බන්ධව කරුණු කාරණා ගණනාවක් අප වෙත වාර්තා වුණි. වාර්තා වුනු පරිදි මෙලෙස පහර කෑමට ලක්ව තිබුනේ කිඹුලාපිටිය, ගල්මංකඩ ප්‍රදේශයේ පදිංචි ,රිතික් ක්‍රිෂාල් අගලවත්ත නමැති 21 හැවිරිදි තරුණයෙකි. වැඩිදුරටත් වාර්තා වන පරිදි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක ඔහු බාල දරුවාය. ඔහුට වැඩිමහල් තවත් සොහොයුරියන් 02 නෙක් සිටියි. ඔහුගේ පියා ද මේ වන විට අසනීප තත්ත්වයෙන් පසු වේ.
මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මාරිස්ටෙල්ලා,විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති. ඔහු, මෙම ශිෂ්‍යත්ව ගුරුවරියගේ සහෝදරයාගේ දහම් පාසලේ යහළුවෙකි. එම දැන හැදුනුම සහ යාළු මිත්‍රකම හේතුවෙන් හයේශිකා නැමැති මෙම ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය කිසිදු සම්මුඛ පරීක්ෂණයක් හෝ නොමැතිව මෙම තරුණයාව තමාගේ කාර්ය මණ්ඩලයේ රැකියාවක් සඳහා තෝරාගෙන තිබිණි.
ඔහුට පැවරුන කාරයයන් වූයේ හයේශිකා ටීචර් විසින් පවත්වාගෙන යන කටාන, දෙමං හන්දිය පිහිටි ” ක්වීන්ස්” නමැති අධ්‍යාපන ආයතනයේ දුරකථන ඇමතුම් පිළිබඳව ක්‍රියාකාරී වීමත් , සහ එහි දුරකථන ඇමතුම් පිළිබඳ ප්‍රතිචාර දැක්වීම සිදුකිරීමය. එමෙන්ම ඇය විසින් ශිෂ්‍යත්ව විභාගය සඳහා 02,03,04, සහ 05 වැනි ශ්‍රේණි සඳහා එම උපකාරක පන්ති බොහෝමයක් පවත්වන්නේ ඔන්- ලයින් ක්‍රමයට හෙවත් අන්තර්ජාලය මගින් වන අතර එලෙස පන්ති පවත්වන ස්ථාන හෙවත් එම ශබ්දාගාර (ස්ටුඩියෝ ) වල කටයුතු මෙහෙවීමද ඔහුගේ රැකියාවේ තවත් එක් කාර්යයකි.

මෙම තරුණයා මේ රැකියාව සඳහා පැමිණ ඇත්තේ පසුගිය වසරේ එනම් 2024 වසරේ නොවැම්බර් 04 වැනිදාය.. නමුත් වාර්තා වන පරිදි මේ වන වනතුරුත් ඔහු වෙත නිසි පත්වීමේ ලිපියක් වත් ලබාදී තිබුණේ නැත. එමෙන්ම සේවක භාරකාර අරමුදලට හෙවත් ඊ.පී.එෆ්.සහ ඊ.ටී.එෆ් සඳහා ඔහුව එම අධ්‍යාපන ආයතනය මගින් ඇතුළත් කර ඇති බවට පැවසුවද, ඒ සඳහා කිසිදු සාමාජික අංකයක් හෝ ඔහු වෙත මෙතෙක් ලබාදී නොමැත.
ඒ සියලුම දේටත් වඩා උදෑසන 8.00 පමණ වන විට රැකියාවට වාර්තා කර ඒ දවස හමාර වන මධ්‍යම රාත්‍රිය තෙක් ඔහුට මෙම රැකියාව තුළ නිරතවීමට සිදුවිය.එනම් හයේශිකා ටීචර් මධ්‍යම රාත්‍රියේ පමණ වන තෙක් ඇයගේ ඔන්-ලයින් පංති පවත්වන අතර ඒවා නිම වෙනතුරුම මේ තරුණයාට ද එම රැකියාව තුළ නිරත වීමට සිදුවිය. එලෙසම කෙතරම් මධ්‍යම රාත්‍රියේ පමණ වන තෙක් තමා රැකියාවේ නිරත වුවද අඩුම තරමින් රාත්‍රියට ආහාර වේලක් හෝ ලබාදීමට ඇය හෝ එම අධ්‍යාපන ආයතනයේ කවුරුන් හෝ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබුණි. මේ නිසා ඔහුට සිදුවන්නේ සෑම දිනකම බොහෝ විට මධ්‍යම රාත්‍රිය පමණ වන තෙක් නිරාහාරව රැකියාවේ යේදීමටය. එලෙස නිරහාරව, විවිධ අපහසුතාවලට මුහුණ දෙමින්, දුක්විඳ එම රැකියාවේ නිරත වුවද ඔහුට ලැබුණේ රුපියල් 21000ක පමණ මාසික වැටුපකි. ඔහුට අතිකාල ගෙවීමක් හෝ, මධ්‍යම රාත්‍රිය තෙක් රැකියාව කිරීම වෙනුවෙන් වෙනත් දීමනාවක් හෝ නොලැබුණි. මේ හේතුන් නිසාවෙන්ම ඔහු මෙම රැකියාව පිළිබඳව මහත් වූ කලකිරීමකින් සිටි අතර ඔහු මෙම රැකියාවෙන් ඉවත් වෙන්නට තීරණය කළ අතර ඒ පිළිබඳව ඔහු පසුගිය අප්‍රේල් මස 21 වැඩි දින රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී තිබිණි. ඒ අනුව මෙම රැකියාවෙන් ඔහු මැයි මස අවසනදී ඉවත් වන බව එම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන්ව තිබිණි.
තම එකම බාල සොහොයුරා ඔහු නිරත රැකියාව තුල විඳිනු ලබන සීමාවක් නොමැති දුක සහ ඔහුට මෙම රැකියාව තුළ නිරතවීමෙන් විඳින්නට සිදුවන විවිධ වු අපහසුතාවයන් පිළිබඳව වඩාත් සංවේදීවු මෙම තරුණයාගේ සොහොයුරියක් විසින් හයේශිකා ටීචර් හෙවත් ශිෂ්‍යත්ව අම්මා පිළිබඳව ” ක්මෙන්ට් ” එකක් මුහුණු පොතේ (face book) පල කර ඇත. එම කමෙන්ට් එකෙන් ඔහුගේ සොහොයුරිය සඳහන් කර තිබුණේ හයේශිකා ටීචර්ගේ දෙබිඩි පිළිවෙතයි. විශේෂයෙන්ම ඇය සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන අය , එම රැකියාව තුළ විඳින දුක් ගැහැට හා විවිධ වූ අපහසුතා පිළිබඳව ඇය එම කමෙන්ට් එකෙන් වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.
මෙම ෆේස්බුක් කමෙන්ට් එක පලකර ඇත්තේ මෙම තරුණයාගේ සොහොයුරිය විසින් බව දැනගත් හයේශිකා ටීචර් එයට තදින් උරන වී පසුගිය මැයි 06 වෙනි දින රාත්‍රී 9.45 ත් 10.00 ත් අතර ඇයගේ ” ක්වීන්ස්” නමැති අධ්‍යාපන ආයතනයේ ,කාර්යාල කාමරයට මෙම තරුණයාව කැඳවා ඔහුට අමානුෂික ලෙස පහරදී තිබේ. වාර්තා වන පරිදි ඇය ඒ අවස්ථාවේදී කෙරවල උල් වු ස්වරූපයට සකස්ව තිබු බුට්ස් වැනි සපත්තු පැළඳ සිට ඇත. ඒ අනුව ඇය මොහුට අතින් මුහුණට හිසට, බෙල්ල ඇතුළු උරහිස් ප්‍රදේශයට පහරදී පසුව සපත්තු පැළඳ සිටි පා වලින්ද ඔහුගේ යටි බඩ සහ වෘෂණ කෝෂ පිහිටි ප්‍රදේශයට පහරදී තිබේ. , එලෙසම ප්‍රකෝප්පකාරීව හැසිරුණු ඇය ඔහුගේ මූහුණට පවා කෙළ ගසා , ඉතාම අමානුෂික ලෙස නොසෑහෙන සේ ඔහුට අතින් පයින් පහරදී තිබිණ. මෙලෙස ඔහුට පහර දී තිබුණේ හයේශිකා ටීචර් පමණක්ම නොව, එම අධ්‍යාපන ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කරන චානක විශ්වජිත් නමැත්තාද ඔහුට මෙහිදී පහර දී තිබිණි.මෙලෙස ඔහුට පහර දුන් අවස්ථාවේදී එම ස්ථානය හයේශිකා ටීචර්ගේ සැමියා වන ප්‍රමිත් සුරේන්ද්‍ර නැමැත්තාද සිට ඇත. එමෙන්ම එම අධ්‍යාපන ආයතනයේ සේවය කරන පිරිසද ඒ අවස්ථාවේදී එම කාර්යාලීය කාමරයේ සිට ඇත. ඔහුට පහරදී තිබුණේ මේ සියලු දෙනා ඉදිරිපිට දීය.
මෙම පහර දීමේදී ඔහුට නොසෑහෙන සේ නොසුරුප් වචනයෙන් ඇය බැන වැදී තිබේ. ඉන්පසුව ඔහු ලවාම ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් දී ඔහුගේ පවුලේ අයවද එම ස්ථානයට කැඳවා ඉතා අශෝභනශීලීව ඒ සියලු දෙනාටද බැන වදිමින් ඇය පවසා තිබුණේ ” අක්කා කල වැරැද්දේ පලිය මල්ලිගෙන් ගත්තා යනුවෙනි .
මෙලෙස නොසෑහෙන සේ ඉතා අමානුෂිකව පහර දුන් මෙම තරුණයාව පසුව කටාන පොලිසියට භාරදී තිබේ.
එහිදී වාර්තා වන පරිදි මෙම තරුණයාට චෝදනාවක්ද එල්ල කර තිබිණි .එනම් ඇගේ නිවසේ කාර්යාලයේ සේවය කරන තරුණියක් ඒ වන විට එම අධ්‍යාපන ආයතනයේ පුහුණුවීම් කටයුතු සඳහා පැමිණ ඇති අතර එම තරුණියගේ අතින් අල්ලා ඇයට ලිංගික අඩන්තේටම් කිරීමට පෙළඹී ඇති බව පවසමින් මෙම තරුණයාට කටාන පොලිසියේදී චෝදනා නගා තිබිණි.
වාර්තා වන පරිදි ඔහුට කළ පහරදීම යටපත් කිරීම සඳහා මෙම බොරු චෝදනාව ගොනුකර ඇත. කටාන පොලිස් නිලධාරීන් විසින් එහිදී ප්‍රකාශ කර තිබුණේ මෙලෙස මෙම පහර කෑමට ලක්ව සිටි මේ තරුණයාව ඉක්මනින්ම රෝහල් ගත කල යුතු බවයි.
ඒ අනුව පසුගිය මැයි 07 වන දින අළුයම ඔහුව මීගමු රෝහලේ 06 වාට්ටුවට ඇතුලත් කර තිබේ. එහිදී ඔහුව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාව වෙත යොමු කර ජේ.එම්.ඕ. වාර්තාවක්ද ලබාගෙන තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඔහු 08 වැනි දින සවස රෝහලෙන් ටිකට් කපා නිවසට පැමිණියත් එහිදී නැවතත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබේ. ඒ අනුව නැවතත් ඔහුව මීගමු රෝහලේ 07 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ. එහිදී ඔහුව තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර. මේ වන විට ඔහුට උණ රෝගය වැලඳී එම තත්ත්වය උස්සන්න වී තිබේ එමෙන්ම හයේශකා ටීචර් විසින් ඔහුට එල්ල කළ පා පහර වලින් ඔහුගේ යටි බඩ ප්‍රදේශය සහ වෘෂණ කෝෂ ආශ්‍රිතව දැඩි වේදනාවක් ඇති වී තිබේ. එමෙන්ම ඔහුගේ හිස මුහුණ බෙල්ල උරහිස් ප්‍රදේශවලද ඔහුට දැඩි වේදනාවක් පවතී.
එලෙසම පිරිසක් ඉදිරිපිට ඔහුට මෙලෙස එල්ල කළ මේ අමානුෂික පහර දීමේ සිදුවීම නිසා ඔහුට මේ වන විට සමාජයට මුහුණ දීමට නොහැකි ආකාරයට මානසික කම්පනයක් ද ඇතිවී තිබේ. වාර්තා වන පරිදි ඔහුට බොරු චෝදනාවක් නගමින් තරුණියකට බලහත්කාරකමින් ලිංගික අදන්තේට්ටම් කිරීම යන චෝදනාව එල්ල කිරීම නිසා ගමට සමාජයට තම හිතවතුන්ට මුහුණ දීමට නොහැකිව ඔහු මේ වනවිට දැඩි මානසික කම්පනයකට ලක්ව ඇති බවද දැන ගන්නට ලැබිණි. වාර්තා වන පරිදි ඔහු මේ වනවිට දැඩි මානසික ආතතියකින් සහ මානසික කම්පනයකින්ද පෙලේ.මේ තත්ත්වයට සැලකිල්ලට ගනිමින් කටාන පොලිසිය හයේශිකා ටීචර්ට දන්වා තිබුණේ 09 වනදා එනම් ඊයේ දිනයේ කටාන පොලිසියට පැමිණෙන ලෙසය.
එහෙත් ඇය පොලිසිය මගහැර ඇති අතර පොලිසියට පැමිණ සිටියේ ඇගේ සැමියා සහ ඇයගේ අධ්‍යාපන ආයතනය කළමනාකරුය. ඒ අනුව කටාන පොලිසිය විසින් ඔවුන්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේදී ඉදිරිපත් කෙරිණි.එහිදී හයේශිකා ටීචර්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිට නීතිඥවරුන් ප්‍රකාශ කළේ ඇය සමාජයේ ප්‍රසිද්ධ ගුරුවරියක් බවත් ඇයගේ කීර්ති නාමයට කැළලක් කිරීම සඳහා මෙම සිදුවීම කටාන පොලිසියද මැදිහත්ව සිදුකර ඇති බවයි. මාධ්‍ය සංදර්ශනයක් ලෙසින් එය හඳුන්වා දුන් එම නීතිඥවරුන් එහිදී ප්‍රකාශ කළේ ඇය පොලිසියට නොපැමිණියේ, ඇය රක්ෂිත බන්ධනාගාර ගත කළහොත්, ඇයගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වීමට ඇති ඉඩකඩ නිසා බවයි. එලෙසම ඉදිරි නඩු වාරයකදී ඇයව ඉදිරිපත් කිරීමට හැකි බවත්, එහෙයින් දැනට ඉදිරිපත් වී ඇති ඇයගේ සැමියාට සහ ඇයගේ කළමනාකරුට ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප මත ඔවුන් මුදා හරින ලෙසද එම නීතිඥ පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලීම් කරන්නට විය.
එහිදී අදහස් පල කළ මෙලෙස පහර කෑමට ලක් වූ රිතික් ක්‍රිෂාල් නමැති මේ තරුණයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාර්ශවය ප්‍රකාශ කලේ මෙම සිදුවීමේ ප්‍රධාන සැකකාරියද පොලිසියට භාර නොවීමත්, පහර කෑමට ලක් වූ තරුණයා අසාධ්‍ය තත්ත්වයෙන් තවමත් රෝහල් ගතව සිටින නිසාත්, විශේෂයෙන්ම ඔහුගේ ජීවිතයට මෙම පහර දීම විශාල බලපෑමක් එල්ල කර ඇති නිසාත්, එමෙන්ම මෙම තරුණයාගේ පවුලේ අයට මෙම ගුරුවරියගේ පාර්ශවයෙන් විවිධ තර්ජන පවා එල්ලකර ඇති නිසාත් , හයේශිකා ටීචර්ගේ සැමියාව සහ එම අධ්‍යාපන ආයතන කළමනාකරුව ඇප මත මුදාහැරීමට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.
කරුණු සලකා බැලූ මීගමු මහේස්ත්‍රාත් අධිකරණයේ, වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා හයේශකා ටීචර්ගේ සැමියා වන ප්‍රවීන් සුරේන්ද්‍ර සහ හයේශිකා ටීචර්ගේ අධ්‍යාපන ආයතනයේ කළමනාකරු වන චානක විශ්වජිත් යන දෙදෙනාව එළඹෙන මැයි 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.
හයේෂිකා ප්‍රනාන්දු නැමැති මෙම ගුරුවරිය වෙනුවෙන් නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර , පහර කෑමට ලක් වූ රිතික් ක්‍රිෂාල් වෙනුවෙන් නීතිඥ නෙල්සන් කුමාරනායක ඇතුළුව ජනනි පෙරේරා, දුලීෂා විජේසූරිය සහ චමරි සඳුනිකා යන නීතිඥවරියන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින ලදී. මෙම සිදුවීම සම්බන්ධව ඊළඟ නඩු වාරය එළඹෙන මැයි 14 වැනි දිනයේ පැවැත්වේ.