සීදූව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයයි: 

0
35

 

 

සීදූව, අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සීදූව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඒ. සම්පත් නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවී සිටි මොහු, පසුගිය 20 වැනිදා සීදූව, අමන්දොළුව, බේස්ලයින් පාරේ පවත්වාගෙන යන “ජීවන දිය” නැමති මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

මත්පැන් නොමැතිවීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මොහු 22 වැනිදා රාත්‍රී කාලයේදී මධ්‍යස්ථානයේ දේපළවලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. එම අවස්ථාවේදී ඔහුව පාලනය කිරීම සඳහා මධ්‍යස්ථානයේ රැඳවියන් භාරව කටයුතු කරන නිලධාරියෙකු විසින් මොහුට පහරදීමක් සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

අනතුරුව, 23 වැනිදා පෙරවරු 9.00 ට පමණ හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර, මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය මිගමුව රෝහලේ සිදුකර තිබුණි.

මෙම පුද්ගලයා බරපතල ලෙස පහරකෑමකට ලක්ව ඇති බවද සැලය.

මෙම මරණය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here