සීදූව, ලියනගේමුල්ල පිහිටි සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය පුහුණු ආයතනයේ පිරිමි ළමා නේවාසිකාගාරය තුළ අද (19) දහවල් හදිසි ගින්නක් හටගෙන තිබේ.
මීගමුව ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් වහාම ක්රියාත්මක වී ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් විය.

- ජීවිත හානි වාර්තා වී නොමැත: ගින්න හටගන්නා අවස්ථාවේදී එම කාමරය තුළ සිසුන් කිසිවෙකුත් රැඳී නොසිටි බැවින්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැත.
- දේපළ හානි: ගින්න හේතුවෙන් නේවාසිකාගාරයේ වහලයට, සිසුන්ගේ ඇඳන්වලට සහ එහි තිබූ ක්රීඩා උපකරණ ඇතුළු දේපළ රැසකට දැඩි අලාභ හානි සිදුව තිබේ.
- විමර්ශන: විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(වාර්තාකරු: ගම්පහ – පියපේම මානික්කරත්න)



















