සුමිත්‍රාරාම පාරේ ළිඳ.

0
6

 

කටුනායක වෙළඳ කලාප ප්‍රදේශයේ සුමිත්‍රාරාම විහාරස්ථානය ආසන්නයේ පිහිටි පොදු නානලිද කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් භාවිතා කරන ලද පොදු ලිඳකි.

මෙය දිට්ටවා ආපදාවෙන් ජරාජීර්ණ වූයේ පාවිච්චියට ගැනීමට නොහැකි ආකාරයටය. නමුත් ජල ගැටලුව නිසා විවිධ පීඩා විඳින නිදහස් වෙළඳ කලාප සේවකයින් හා ගම්වාසීන් එකතුව පිහිටුවා ගන්නා ලද ‘සුවසෙත ප්‍රජා කණ්ඩායම ‘හරහා ළිඳ පිරිසුදු කිරීමේ කාර්යයක නිරතව සිටි.

ඔවුන් විසින් ශ්‍රමදායකත්වය සහ තවත් විවිධ දායකත්වයන් සපුරා ගනිද්දී එම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය තවත් මූල්‍යමය පහසුකම් ‘සුවසෙත ප්‍රජා කණ්ඩායම’ අප වෙතින් බලාපොරොත්තු විය.

දිට්වා ආපදාවත්, එල්නීනෝ තත්ත්වයක් මත සහ විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ පවිත්‍ර කිරීමත් හේතුවෙන් ප්‍රයෝජනයට ගැනීමට බැරිව සිටි මෙම ළිඳ පිරිසකර කිරීමට ‘සුවසෙත ප්‍රජා කණ්ඩායම ‘ දරන උත්සාහය ඉතාමත් අගය කළ අපි අප ‘RED’ආයතනයේ දැනට ක්‍රියාත්මක ‘එක්ව ශක්තිමත්’ ව්‍යාපෘතිය හරහා ඔවුන් බලාපොරොත්තු වන දායකත්වය ලබාදීමට එකඟ විනි.

මෙම අත්‍යාවශ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ‘සුවසෙත ක් ප්‍රජා කණ්ඩායම’, සීදුව නගර සභාව, සුමිත්‍රාරාම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේලා, අවට ගම්වාසීන් සහ නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන කම්කරු සහෝදර සහෝදරියන්ගේ ශ්‍රමදායකත්වයත් පිළිබඳව අගය කරන RED අපි ඔවුන්ට නොමද ස්තුතිය පුද කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here