හොරෙන් විකුණන්න බැරිවෙන්න මත්පැන් අලෙවිසැල් සීල් තබයි ?

0
132
Sri Lanka 3877

නිරෝධායන ඇඳිරි නීතිය පැවැත්වෙන කාලසීමාව තුළ හොර රහසේ මත්පැන් විකුණන මත්පැන් අලෙවිහල් සොයා බැලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂිත නිලධාරීන් යොදවා ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මත්පැන්හල් විවෘත කොට මත්පැන් විකිණීමේ යෙදුණහොත් එම මත්පැන්හල් සීල් තැබීමට කටයුතු කරන  බවයි  සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි මහතා එහිදී සඳහන් කර තිබුණි.

ආරක්‍ෂිත පියවරක් ලෙස පැමිණිලි ලැබෙන මෙවැනි මත්පැන් අලෙවිහල් හැරුණු කොට වැසීමට අවශ්‍ය යැයි සිතෙන සෙසු මත්පැන්හල්ද මෙසේ සීල් තැබීමට කටයුතු කරන බව මේ පිළිබඳ කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාද සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here