🛡️ “ශක්තියෙන් සවිබල ගැන්වූ • නිව්ස්ටඩ් සාංවත්සරික 210 හා සහෝදරත්වයෙන් එක්වූ” MONSTER TITANS | මාරිස්ටෙලා 89 හි අභිමානවත් පෙරමුණ

0
31

නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ 210 වන සංවත්සර පාගමන වෙනුවෙන්, මාරිස්ටෙලා 89 කණ්ඩායමේ මෙහෙයවිමෙන් ,මෙරට විවිධ ප්‍රදේශයන්ගෙන් සපැමිනි ,පාගමනේ පෙරමුනේම පෙල ගැසුනු Monster Titans සවිබල 4×4 රථ මෙම සුවිශේෂි අවස්ථාවට වර්නවත් මෙන්ම ගාම්භිර පෙනුමක් එක්කර තිබිනි.

සහෝදර පාසලක් වෙනුවෙන් ලබාදුන් මෙම දායකත්වය පාසල් දෙක අතර පවතින සහෝදරත්වය, ගෞරවය සහ දිගුකාලීන බැඳීම තවදුරටත් ශක්තිමත් කළ විශේෂ අවස්ථාවක් විය.

වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය අවසර, පහසුකම් සහ සහයෝගය ලබාදුන් නිව්ස්ටඩ් 210 වන සංවත්සර පාගමන සංවිධාන කමිටුව වෙත 89 Monster Titans කණ්ඩායම සිය ස්තුතිය පළ කරයි. එමෙන්ම, වැඩසටහනේ කටයුතු සම්බන්ධීකරණය කරමින් මනා නායකත්වයක් ප්‍රදර්ශනය කල චම්පිකා මහත්මිය හා මිලි ආදි සිසුවිය වෙතද විශේෂ කෘතඥතාව පළ කරයි.

මෙම අවස්ථාවේදී නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය, ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමිය, ප්‍රධාන සංවිධායකතුමිය සහ සංවිධාන කණ්ඩායමේ සාමාජිකයන් විසින් 89 Monster Titans කණ්ඩායම වෙත සිය ස්තුතිය හා ඇගයීම පළ කරන ලදී.

මෙම වැඩසටහන මාරිස්ටෙලාවේ 1989 කණ්ඩායමේ ප්‍රධාන ඉසව් අධ්‍යක්ෂ හා සම්බන්ධිකාරක ෂෙනාල් ප්‍රනාන්දු මහතාගේ හා කමිටු සාමාජිකයන්ගේ සංවිධානයෙන් හා මෙහෙයවීමෙන්, …
•Patrol XForce,
•Land Cruiser Community,
•Amal with X-Tremers යන කණ්ඩායම්වල සහයෝගයෙන් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here