අකුරගොඩ නීතිඥ ඝාතනය හෙළාදකිමින් මීගමුවේ නීතීඥයෝ අද උසාවිය වර්ජනය කරති

0
127

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගත් තීරණයක් අනුව (16) මීගමුව අධිකරණ සංකිර්ණය තුළ නඩු කටයුතු වල නිරත වන නීතිඥවරුද සියලු කටයුතු වලින් ඉවත් වී අධිකරණ භුමියේ දී සිය විරෝධය පල කිරීමට එක් විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මීගමුව ශාඛාවේ ලේකම් ජ්‍යේෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ 15 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ දී රැස් වු අවස්ථාවේ දී ගත් තීරණයක් අනුව මෙලෙස සියලුම නීතිඥවරු අධිකරණ කටයුතු වලින් වැලකී සංගමයේ තීරණයට සහය දක්වන බවයි.

ඒ අනුව අධිකරණ භුමිය තුල දැන්වීම් හා පුවරු ප්‍රදර්ශනය කරමින් පෙරවරු 11.00 ට පමණ විරෝධතාව ආරම්භ කළ අතර පාගමනින් අධිකරණ මාවත පිවිස මාර්ගය දෙපස පුවරු ප්‍රදර්ශනය කරමින් නීතිඥවරු 200ක පමණ පිරිසක් විරෝධතාවයේ නිරත වුහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙරේදා රැස් වූ අතර එහිදී තීරණය ක⁣ලේ පෙබරවාරි 16 වැනිදා දීප ව්‍යාප්තව අධිකරණවල රාජකාරීවලින් ඉවත් වීමටයි.

එයට පාදක වුයේ නීතිඥවරයෙකු අකුරගොඩදී ඝාතනය කිරීමේ සිදුවීමය.

ඒ අනුව නීතිඥවරුන් තම තමන්ගේ අධිකරණ ශාලාවලට ගොස්, රාජකාරීවලින් ඉවත් වන බව විනිසුරුවරුන්ට දැනුම් දී ඇත. එයින් පසු අධිකරණවල කටයුතු නතර නොකල අතර නීතිඥවරු නොමැතිව විනිසුරුවරු නඩු කටයුතු ආරම්භ කර නඩු සඳහා ඉදිරි දිනයන් ලබා දුන්හ.

මෙදින අධිකරණයේදී මෝසම් නඩු කිසිවක් කතා නොකළ අතර මත්පැන් පානය කර රථ වහන පැදවීමේ වරදට හසුවූ අය සහ සුළු රථවහන නඬුවලට ඉදිරිපත් වූ අය නීතිඥ සහයක් නොමැතිව වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට දඩ නියම කිරීම අධිකරණය සිදුකරනන ලදී.
මෙදිනට විභාග වීමට නියමිතව තිබූ සියලුම නඩු කැඳවන ලද අතර ඒවාට විභාග කිරීමට දින නියම කරන ලදී.7d2cb371 3656 487b 941e f0ef456af5089b84d703 bafe 4911 bb07 b41acc48f8b34745c249 f05d 441c 8ba3 458fb0185743

 

රේමන් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here