අගමැතිගේ ඉතාලි ගමන ගැන කතෝලික සභාවේ අවධානය !

0
123
241390313 394839228709874 1702257782085203169 n

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා එළැඹෙන සතියේදී ඉතාලියේ සිදුකරනු ලබන නිල සංචාරයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වතිකානුව සහ ජාත්‍යන්තර ප්‍රජාව පරීක්ෂණ පැවැත්වීම වැලැක්වීමට කරනු ලබන උත්සාහය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙළා දැක තිබෙන බව Sri Lanka Catholic News ෆේස් බුක් පිටුව වාර්තා කර තිබේ.
අගරදගුරු හිමිපාණන් සහ සහයක රදගුරු හිමිපාණන් මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටු සාමාජික ගරු සිරිල් ගාමිණී පියතුමන් ඇතුළු තවත් පූජාප්‍රසාදීන් වහන්සේලා කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් අද අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here