spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසංගතයට මුවාවි ගෙන්වු නීති විරෝධි උපකරණ ජාවාරමක් !

Must read

වංසගතයට මුවා ක්‍රියාත්මක විවිධාකාර ජාවාරම් ගැන දිනපතා වාර්තා වෙමින් තිබේ.
මේ බොහොමයක් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ප්‍රමිතිගත ඒවා නොවන බවද සැලය.

මේ අකාරයෙන් නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන තිබුණි.

ද රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේදී ඒ සම්බන්ධයෙන් රේගු සටහන්කරයක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් අනාවරණය වීමෙන් ඔක්සිමීටර් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්සිමීටර් තොගය පෙට්ටි 21 ක අසුරා තිබූ බවත් රේගුව පවසයි.
මුලාශ්‍රය -ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article