spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘අත‘ ගිනි තිබ්බ අයට ශ්‍රිලනිපයෙන් නාමයෝජනා නැහැ ! (VIDEO)

Must read

amaraweeraපක්ෂ ලාංඡනය වන අත සලකුණ ගිනි තැබීමට හෝ ඉරාදැමීමට යම් අයෙකුට හැකිනම් ඔහු සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නොවන බවත්, එවැනි පුද්ගලයින්ට ඉදිරි මැතිවරණයට තරගකිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බවත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26 දා ) කුරුණෑගලදී පැවසීය.

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය අත සළකුණෙන් තරග වැදීමට බොහෝදුරට ඉඩ ඇති බව කී මහින්ද අමරවීර මහතා මෙසේද කීය.

අපේ පක්ෂයේ කිහිපදෙනෙකුගේ ආශිර්වාදය සහිතව හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් කණ්ඩායමකට උවමනාවෙලා තියෙනවා මේ පක්ෂය කඩා වෙන්කරන්න. ඒ ගොල්ලොම දන්නේ නැහැ අන්තිමට ඒ අයට මොකද වෙන්නේ කියලා. බලන්න මේ අයට ඊළග මැතිවරණයේදී මොකද වෙන්නේ කියලා. අපි කොහොමත් මේ අයට ඡන්දය ඉල්ලන්න අපේ පක්ෂයෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ. අත ලකුණ ගහපු ලියුමක් පුච්චන්න පුලුවන් නම් ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වෙන්න බැහැ. අත ඉරලා දාන්න පුලුවන් නම්, අත පුච්චලා දාන්න පුලුවන් නම් ඔහු කවදාවත් අවංක ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වෙන්නේ නැහැ. එහෙම අයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් ලැබෙන්නෙත් නැහැ.

මහින්ද අමරවීර මහතාගේ එම අදහස් දැක්වීම පිළිබද සම්පූර්ණ වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article