කොහොමද මේ දවස් වල වැස්ස .පට්ටයි නේද? වැහි පටන් ගත්තා විතරයි මාළුත් හිඟවුනාද මන්ද?
ඊයේ වගේම අදත් මිගමු දූව පිටිපන ලෙල්ලමේ මාළු හිඟයිලු.හැබැයි පරා පැටව් නම් හොදට අහුවෙලාලු.මාළු ලෑලි ගොඩක අද පරා පැටව් තියෙනවලු.
පරා පැටව් කිලෝ එකක් අද රු 450යි.පහුගිය දවස්වලත් පරා පැටව් අහුවෙලා තිබුනා.ඒ දවස් වලත් කිලෝව ගියේ රු 400ත් 450ට තමයි.
අද සාලයොත් ටිකක් හිඟයි එි වගේම මිළයි.කිලෝවක් රු 300ත් රු 350ත් අතර අගයක පවතිනව.
බලයෝ කෙලවල්ලොත් අද හිඟයි
ලින්නෝ නම් තියෙනව වෙනද වගේම.කිලෝවක් රු 450ත් රු 550ත් මිලකට අලෙවි වෙනව.












