spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අදත් මහවැසි !අවදානම් තැන් 54 ක් !

Must read

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු දෙකෙන් පසු මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකි අංශය පවසයි.

ඔවුන් පැවසුවේ සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාත්‍රී කාලයේදී විටින් විට වැසි ඇති වේ.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  ඊයේ (10 ) සවස නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා ද අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන වලස්මුල්ල, බෙලිඅත්ත සහ ඔකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ,මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, උඩුනුවර , යටිනුවර සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අරණායක සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කෑගල්ල වරකාපොළ සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව,පොල්ගහවෙල,රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම කොට්ඨාස සඳහා‌ත් මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, කඩවත් සතර. පිටබැද්දර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන, අතුරලිය,වැලිපිටිය,හක්මන,කිරින්ද පුහුල්වැල්ල,අකුරැස්ස, වැලිපැන්න,දෙවිනුවර,දික්වැල්ල සහ පස්ගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල,පැල්මඩුල්ල, කහවත්ත සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නි‌වේදනයද ඉඹුල්පේ, වැලිගෙපොළ, ගොඩකවෙල, ඇලපාත,ඇහැලියගොඩ, කලවාන,කොලොන්න, බලංගොඩ,ඔ්පනායක,රත්නපුර සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 10 වනදා පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට 11 වනදා පස්වරුව දක්වා බලපැවැත්වෙන බවද එම සංවිධානය කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article