spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද වෛද්‍ය වැඩවර්ජන මීගමුව රෝහලට එන ඩෙංගු රෝගීන්ට බලපායිද?

Must read

ward 3 bරජයේ වෛද්‍ය සංගමය විසින් අද පවත්වන්නට තීරණය කර ඇති වැඩ වර්ජනය  මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වය නිසා පීඩා විදින රෝගීන්ට කෙසේ බලපායි යන කරුණ ගැන ජනතාව විමතිය පළකරති.
අද මීගමුව රෝහලේ සේවාවන් සිදුවන්නේ කෙසේද යන්න පිළිබදව මීගමුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඇය ප්‍රකාශ කළේ වැඩ වර්ජනය නිල වශයෙන් ක්‍රියාත්මක වන අතර වෛද්‍යවරු සේවයට වාර්තා කර ඇති නමුත් රාජකාරි වලින් ඉවත්ව සිටින බවයි.
එමෙන්ම අද වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයේ සහ සායන වල සේවාවන් ක්‍රියාත්මක නොවන අතර බාහිර රෝගී අංශය ක්‍රියාත්මක නොවන නමුත් ඩෙංගු උණ හෝ උණ වැළදී ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අතර ඔවුන්ව රෝහලත ඇතුළත් කර ගන්නා බවද ඇය සදහන් කළාය.
වෛද්‍යවරුන්  රෝහල් වාට්ටු වල සිටින රෝගීන්ට   ප්‍රතිකාර කරනු ලබයි. ඒ අතර හදිසි අනතුරු හේතුවෙන් සිදුකළ යුතු ශනල්‍යකර්ම සිදුකරන අතර වෙනත් ශල්‍යකර්ම දින දී කල්තබා තිඛේ.  වෛද්‍ය වැඩවර්ජනය සංකේතාත්මකව සිදුවන අතර සියලූම වෛද්‍යවරු සේවයට පැමිණ සිටින බව රෝහල් අධිකාරීවරිය පවසා සිටියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article