පහුගිය දවස් වල මිගමුව දූව පිටිපන ලෙල්ලමේ හැම තැනම වගේ තිබුන සාලයොත් අද දකින්න නැ.
ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු 600ටත් උඩින්.
වෙනදට වඩා ලින්නෝ නම් ඉන්නව .හැබැයි මිළ බැස්ස පාටක් නම් නැ.
නොම්බර දෙකේ එකත් රු 800කට උඩින් කිලෝවක් .
ඇටවල්ලෝ රු 1200යි.කෙලවල්ලා රු 1700යි.හබරලි රු 1200යි.
දැන් හිතාගන්න පුලුවන්නේ ලෙල්ලමේ තත්වය.
ඉස්සෝ වැඩිපුරම තියෙන්නේ ෆාම් එක.
එක තැනක තිබුන කලපු ඉස්සෝ පොඩි එක හැබැයි රු 1300ක් .සාමාන්‍ය දවස්වලට මේ ඉස්සෝ ගියේ රු 1000කට විතර.
අද ඒකත් මිළයි.