මීගමුවේදී, ⁣වයස අවුරුදු 10 න් පහළ දරුවන්ට ටෙනිස් තරඟාවලියක් 

0
483

 

මීගමුව, සාන්ත ජෝශප් පාසල සංවිධානය කල ,වයස අවුරුදු 10 න් පහළ දරුවන් සඳහා වන කනිෂ්ඨ ටෙනිස් තරඟාවලියක් අද (23/05/2025) සවස එම විද්‍යාලීය, එළිමහන් ටෙනිස් පිට්යේදී පැවැත්විණි.
මෙම කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය වෙනුවෙන් චමිල ඉද්දගොඩ මහතා සහභාගී විය. ඒ අතර මීගමුව සාන්ත ජෝසප් පාසලේ විදුහල්පති ගරු ශ්‍රියන්ත රත්නසේකර පියතුමා, එම පාසලේ උප විදුහල්පති, ගරු චානක ඩිලාන් පියතුමා, සහ එම පාසලේ ක්‍රීඩා කටයුතු භාරව සිටින ගරු ඇනස්ලි පියතුමා ද මෙහි ආරම්භක අවස්ථාවට සහභාගි වුහ.

එලෙසම මෙම කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහකයෙකු ලෙස කටයුතු කරන ,45 වසරක ජනතා විශ්වාසය දිනු මීගමුව බන්දුල පෙන්ට් සෙන්ටර් වෙනුවෙන් එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ, ඒෂාන් ප්‍රනාන්දු මහතා ද ප්‍රධාන ආරාධිතයකු ලෙස මෙම තරගාවලියේ ආරම්භක අවස්ථාවට සහභාගි විය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here