අධිකරණයෙන් නියෝගයක් ! Mr.කොත්තු තාවකාලිකව වසා දැමේ!

0
203

මිගමුවේ ගල්කන්ද හංදියේ පිහිටල තියෙන Mr.කොත්තු ආපන ශාලාව තාවකාලිකව වහල දාල.

මොකද එයාලගෙ කුස්සියෙ අප ජලය ෂේප් එකේ බිත්තියෙන් හිලක් හදල අවට නිවැසියෝ යන එන පාරට යවනව කියන එක අපි මිට කලිනුත් මතුකරල තිබුනා.

පස්සේ ප්‍රදේශාසින් මේ චෝදනාව විඩියෝ සාක්ෂි සහිතවම අපට එව්ව ,අපි මිපුර වෙබ් එකේ පළ කළා.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සුරංග මහත්තයා කඩිනමින් පියවර ගත්තා.mr.කොන්තු එකට එ⁣රෙහිව උසාවියේ නඩුවක් පැවරුවා

එල්ල වෙලා තියෙන චෝදනා වලට අදාල සියලු දේවල් නිසි පරිදි පිළිසකර කරන තුරු Mr.කොත්තු එක වහල දාන්න කියල තමයි අද (12) අධිකරණ නියෝගය දීල තියෙන්නෙ.

දැන් ලෙඩ සනිප වෙයි.

උඩින් ඔපේ යටින් හපේ .කඳ ඩිජිටල් ,ඇතුල කචල්.සල්ලි හබ්බ කිරිල්ල විතරක් නෙමෙයි පරිසර⁣ය, ප්‍රදේශවාසින්ගේ සෞඛ්‍ය , පිරිසිදුකම, සෞඛ්‍ය ආරක්ෂිත බව මේ සේරම දැන් හරියට කරන්න කියන පණිවිඩේ තමයි ලොකු නම් දාගෙන හෙන පොෂ් විදියට රඟන අයට මේ ලැබිල තියෙන පණිවිඩේ.

PHI සුරංග මහත්තයාගේ කඩිනම් මැදිහත්විම ඉතා ඉහලින් අගේ කළ යුතුයි
මේ ගැම්මෙන්ම මිගමුවේ
ආපනශාලා වර්ගීකරණය කඩිනම් කරමු.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here