spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධිවේගි මාර්ග ඇත.? බස් නැත.? ආසියාවේ ආශ්චර්යය….

Must read

bus overloadමීගමුව කොළඹ අධිවේගි බස්සේවය දැන් නන්තාර වෙන්නට පටන්ගෙනය. බස්රථයක් එනතුරු පැය ගණන් බලා සිටින්නට දැන් මගින් ට සිදුව ඇත.
විශේෂයෙන්ම 2014 මැයි 7 වනදා සවස 3.30 පමණ පසු කොළඹ බස් නැවතුමේ සෑහෙන වේලාවක් මගීන්ට රැදි සිටින්නට සිදුවිය.
මේ අතර බස්නැවතුමේ විමසිම් කාර්යාලය ශබ්ද විකාශන ඔස්සේ එසේ රැදි සිටින මගින් දැනුවත් කළේ අධිවේගි මාර්ගයේ බස් රථ ප්‍රමාදයක් ඇති බැවින් සාමාන්‍ය බස් සේවාව ඔස්සේ මීගමුව දක්වා ගමන් පහසුව සලසා ගන්නා ලෙසය.
ඉන් අනතුරුව පැමිණි එක් බස්රථයක් එහි මගින් සිටගෙන යාම සදහා නොගත්තද ඊට පසු පැමිණි බස් රථය පොල් පටවනවා සේ හිටගෙන යන්නටද මගින් ගත්තේය.මේ ප්‍රමිතිය සහ හිටගෙන යන මගින්ගේ ආරක්ෂාව පිළිබදව බස් රථයේ මගියෙකු කොන්දොස්තර වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු මගියාගේ ඇගට කඩන් පනිමින් කියා සිටියේ බස් රථයෙන් වහා බැස ප්‍රමිතියක් ඇති බස් රථයක් යන ලෙසය.පසුව මේ චණ්ඩි පිළිතුරට එරෙහිව බස් මගින් කිපදෙනෙකුම සිය විරෝධය පළකිරිම නිසා කොන්දොස්තර වරයා නිහඬ විය.
අද උදෑසන අප වෙත මගින් විසින් කරන ලද දැනුම් දිම් කිපයකදිම සදහන් වුයේ අධිවේගි මාර්ගයේ බස්රථවල දැන් පුද්ගලික බස් රථ ගානට වැටි  මගීන් පොල්පටනවා සේ රැගෙන යන බවයි.
මේ පිළිබදව කොළඹ බස් නැවතුමේ විමසිම් කාර්යාලයෙන් විමසා සිටි අවස්ථාථාවේදි ඔහු පවසා සිටියේ කොළඹ මීගමුව සදහා තිබුන බස් රථවලින් 12 ක් දැන් ගාල්ල මාතර අධිවේගි මාර්ගය සදහා යොදවා ඇති නිසා කොළඹ මීගමු බස් රථ හිඟයක් ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article