අධිවේගේ ETC ලයින් එක ගොඩක් කඩිනමින් ගමනාන්තයට යන තියෙන අවස්ථාව සහ පහසුව හින්ද හැකි ප්‍රයෝජනයට ගන්නව.
හැබැයි අද මරු වැඩක් වුනා.හවස් වෙලා exit එකේ තියෙන තදබදය හින්ද සවස 6 ට විතර ET C බැලැන්ස් එක top කලා.
දැන් ඉතින් අවුලක් නැනේ කියල අවා කියමුකෝ ETC exit එකට .
මෙන්න බොලේ අර රතු පුවරුවේ දිස්වෙනව සල්ලි මදි කියල.
අහන්න කෙනෙකුත් නැ මම දාපු සල්ලි වලට මොකද වුනේ කියල.
නිකමට හිතන්න මගෙ පිටපස්සේ තියෙන්න පුලුවන් වාහන පෝලිම .
හැබැයි හොද මනුස්සයෙක් ඉදල මට නෝර්මල් ලයින් එකට දාගන්න ඉඩ හදල දුන්න.
අධිවේගෙන් එලියට ආපු ගමන් ETC එකට කතා කළා.එයාල කියනව ලංකා බැංකුවට හැන්දැවේ ETC සල්ලි top up කලොත් පැය ගානක් යනවලු වැටෙන්න මරු.
මරු සිස්ටම් චේන්ජ්.මේච්චර මෝඩර්න් සිස්ටම් තියෙන කාලෙක මේ වගේ දේවල් වෙනව කියන්නේ ඇත්තටම ගොන්පාට් නෙමේද?
අනික මිනිස්සු කොච්චර අසරණ වෙනවද ? ලැජ්ජාවට පත්වෙනවද
සෙනසුරාදා වගේ සල්ලි TOP UP කලොත් සදුද වගේ වෙන්නත් පුලුවන් .
මරු ලංකාව බැංකුව.ඒයි ඕක කරන්න බැරිනම් දිපල්ල වෙන රටක වීදි වෙළෙන්දෙක්ට .උන් ඇත්තටම මොඩර්න්..
ජගත් ප්‍රනාන්දු












